දිගින් දිගටම රට පුරා සිද්ධවෙමින් ඇති ඝාතන වැලේ තවත් ලේ ලකුණක් තබමින් ගම්පහ කිරිඳිවිට හන්දියට නුදුරු කටුගස්තර පාරේ ටිංකරින් වැඩපලකට වෙඩි තබා දි පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම ටිංකරින් වැඩපලේ හිමිකාර ටිංකරින් කාර්මික ශිල්පියාය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද ටිකංකරින් කාර්මිකයා සහ තවත් පුද්ගලයෙක් බරපතල තුවාල සහිතව ගම්පහ රෝහලට ඇතුළතු කර ඇති අතර ටිංකරින් කාර්මිකයා මිය ගොස් ඇත. අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටී
යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත. රට පුරා එක දිගට සිදුවන මෙම ඝාතන වාර්තා වන්නේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකව පවතිද්දී ය.
ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.







