ශ්‍රියානි විජේසිංහ –
වසර දෙකක් පුරා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු ස්ථීර වීමට නියමිතව තිබුණද රවී කුමුදේශ් ඇතුළු පිරිසක් තමාව සිය තනතුරේන් ඉවත් කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් ප්‍රකාශ කළ සැනින් තමාට සිය තනතුරේ ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියර ගත් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.
තමා සිය තනතුරේන් ඉවත් වීමට කැමැති නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඉඩ ලබා නොදෙන බවද හෙතෙම පැවසුවේය,
තමා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වුවද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියකට නායකත්වය ලබා දෙන බවත් ඉදිරියේදී සිවිල් සංවිධාන සමඟ එකතු වී රෝගීන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවද වෛද්‍ය බෙල්ල පැවසුවේය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සදහන් කළේ වැඩ තහනමකට ලක්ව නැවත අද (8) රාජකාරියේ පිහිටුවනු ලැබූ වෛද්‍ය චමල් සංජීව පිළිගනිමින් සිවිල් සංවිධාන විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත් වූ උත්සවයකදීය.
මෙහිදී වෛද්‍ය බෙල්ල වැඩිදුරටත් සඳහන් කළේ රෝගී ජනතාවට සිදුවු අසාධාරණයක් හේතුවෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකට එක්ව ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස ඉතිහාසයේ මුල්වරට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ව මාස 4ක් පුරා බන්ධනාගාර ගතකිරිමට කටයුතු කර ඇති බව ය.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකට එක්වුවහොත් රෝගීන්ට බලපාන බොහෝ ගැටලුවලට විසදුම ලබා දිය හැකි බවද හෙතෙම මෙහිදී පවසා සිටිියේය.