අමායා උඩුවැරැල්ල –
යුරෝපයේ වඩාත්ම සක්‍රීය ගිනි කඳු අතරින් එකක් වන ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් නිකුත් වන වාෂ්ප වළලු පිලිබඳව විදෙස් මාධ්‍යයන් ගේ අවධානය යොමුව තිබෙනවා.
ඇතමුන් ඒවා දුම් වළලු ලෙස හඳුන්වා තිබුනත් ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ගිනි කඳු විද්‍යාඥවරියක් වන ඇනා කැසාස් රමෝස් පවසන්නේ ඒවා ඝනීභවනය වූ ජල වාෂ්ප බවයි. එය, එට්නා ගිනි කන්දෙන් වාෂ්ප හා වායු නිරන්තරයෙන් මුදා හැරීම නිසා ඇති වූ දුර්ලභ සංසිද්ධියක් බව ද සඳහන් වනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ලෙස ගිනි කඳු විද්‍යාඥයෙකු වන බොරිස් බෙන්කේ, පෘථිවියේ පවතින කිසිදු ගිනි කන්දක් එට්නා ගිනි කන්ද තරම් වාෂ්ප වළලු නිපදවන්නේ නැති බව පවසා තිබෙනවා.
ඉතාලියේ සිසිලි හි නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති එට්නා ගිනි කන්ද ප්‍රථම වරට පුපුරා ගියේ මීට වසර 500,000 කට පමණ පෙර බව සඳහන් වනවා.