සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී මරන්න නෙමෙයි… මගේ දරුවා සතෙකුටවත් ගලකින් ගහන්නේ නෑ… පොලිස් වෙඩි පහරින්  මියගිය ගුවන්හමුදා සෙබලාගේ නැන්දනිය හඬා වැටෙමින් සාධාරණය ඉල්ලයි…

ඇය කියන කතාවත් අහන්න...

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මීගොඩ බී.කේ. කස්ත්‍රිආරච්චි –

කුඩා කල සිට තමන් ලඟ  හැදී වැඩුන දරුවා මිනී මැරීමට නොව, සතෙකුටවත් ගලකින් ගසන අයෙක් නොවන බවත්, මේ සාහසික පොලිස් අපරාධය සම්බන්ධව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ගුවන් හමුදා රග්බි ක්‍රීඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් ගේ නැන්දනිය මල්ලිකා රාජපක්ෂ ප්‍රකාශ කළාය.

සිද්ධිය වන දින රාත්‍රී 11ත් පසුවන තුරු වත්තල් සිටි ඔහු වෙඩි තැබූ බව කියන වෙලාව වනවිට එම ස්ථානයට පැමිණියේ කෙසේ දැයි සී.සී.ටී.වී  දර්ශන විමසා බලන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

ඇය කළ ප්‍රකාශය මෙසේය.

“පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිහින් තියෙන්නේ මගේ අයියගේ දරුවා.  පොඩි කාලෙ ඉඳන් ඒ දරුවා හදා ගත්තේ මමයි. එයා අපරාධවලට සම්බන්ධවන කෙනෙක් නෙමෙයි. “

“ ඔය මොරගහහේන වෙඩිතැබීම සිද්ධවුන දවසේ මගේ දරුවා ඉඳලා තියෙන්නේ වත්තල සුපිරි වෙළෙඳසලක එයාගෙ ගෑනු ළමයා එක්ක.  එකොලහයි ගානට වත්තල හිටපු ළමයෙක් ඒ වෙලාවටම මොරගහහේනෙදි වෙඩි තින්නේ කොහොමද?. මේ විදිහට හොයන්නේ  බලන්නෙ නැතිව මේ කොල්ලො මලා දන එක නවත්වන්න. අපේ දරුවාට වුන අසාධාරණයට හරි විමර්ශනයක් කර දෙන්නැයි මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

RelatedPosts

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

සාමාන්‍ය පෙළින් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි; විද්‍යාව සහ ගණිතය ප්‍රතිඵලත් ඉහළට!

මේ රටේ කවද්ද සාධාරණයක් සිද්ධවුනේ. පොලිසියට මොනවාහරි දෙයක් ඔප්පු කරන්න බැරිවුනාම අහිසංසක දරුවෙක් බලෙන් අරන් ගිහින් වෙඩි තියලා මරලා දානවා. මගේ දරුවා මිනී මරන්න තියා සතෙකුටවත් ගලකින් ගහන දරුවෙක් නෙමෙයි.  මේ රටේ යුක්තිය තිබෙනවා නම් කවුරුහරි කමක් නෑ ඉදිරිපත් වෙලා අර වත්තල සුපිරිවෙළෙඳසලේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර අපට සාධාරණයක් කරන්න.

අපි කියනවා ඒ කැමරා ටික බලලා අපට සාධාරණයක් ඉෂ්ඨ කරන්න බැරිනම් මේ රටේ යුක්තිය නෑ. හැමදාම කොතන බැලුවත් අහිංසකයො මරලා දානව බල්ලො වගේ… පස්සේ තුවක්කු විසිකරනවා. ඔය මගේ දරුවට වෙඩි තියපු තැන වැටිලා තිබුණ දුරකථනය එයාගෙ එක නෙමෙයි. හෙල්මට් එක එයාගෙ එක නෙමෙයි.  ඒ සෙරෙප්පු එයාගෙ නෙමෙයි. සෙරෙප්පුවල සයිස්  වෙනස්.  ඉතින් අපි කොහොමද මේ කියන ඒවා පිළිගන්නේ.

ගමේ අය කියනවා එතන එක වෙඩි සද්දයයි ඇහුනෙ කියලා. ඒ වුනාට දරුවගේ ඇඟේ වෙඩි පහර පහක් තිබ්බා. මගේදරුවත් වෙඩි තිබ්බා නම්  වෙඩි සද්ද කීයක් ඇහෙන්න ඕනද?.

මේ දරුවා මත්ද්‍රව්‍ය පාවිචිච් කරනවා ද නැද්ද කියලා ගමේ අයගෙන් අහන්න පුලුවන්. දැන් මට මගේ දරුවා නැතිවෙලා ඉවරයි. හැබැයි එයාට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. එකයි මම පොලිස්පති ඇතුලු හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ “ ඇය පැවසුවාය.

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළබවට චෝදනා කර ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු කෝප්‍රල්වරයෙක් මෙන්ම ගුවන් හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පොලිසිය විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මේ වෙඩි තැබීමේ චෝදනාව සම්බන්ධව මේ වනවිට ගුවන් හමුදාව විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත. (දිනමිණ පුවත්පත ඇසුරින්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

එට්නා ගිනි කන්දෙන් නිකුත් වන වාෂ්ප වළලු….

Next Post

විවාහ ගිවිසගෙන ප්‍රංශ තරුණයාගේ සේසතට විද්ද කිළිනොච්චියේ ගැහැණියක්…

Related Posts

පුවත්

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

ජූනි 20, 2026
පුවත්

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

ජූනි 20, 2026
පුවත්

සාමාන්‍ය පෙළින් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි; විද්‍යාව සහ ගණිතය ප්‍රතිඵලත් ඉහළට!

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

ජූනි 20, 2026

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

ජූනි 20, 2026

සාමාන්‍ය පෙළින් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි; විද්‍යාව සහ ගණිතය ප්‍රතිඵලත් ඉහළට!

ජූනි 20, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!
  • දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!
  • සාමාන්‍ය පෙළින් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි; විද්‍යාව සහ ගණිතය ප්‍රතිඵලත් ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.