දිනසේන රතුගමගේ –
ප්‍රංශ ජාතික තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන ඔහුගෙන් රත්තරන් පවුම් 42 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 60 ක් ත්‍යාග ලබාගත් කිළිනොච්චියේ තරුණියක් ප්‍රංශ ජාතිකයා කිළිනොච්චියට පමිණෙන විට අතුරුදහන් වීමේ සිද්ධියක් කිළිනොචිච් පොලිසියෙන් වාර්තා වේ.
මේ දෙදෙනා යාපනයේ පැවති විවාහ මංගල උත්සවකදී එකිනෙකා දැන හදුණාගෙන ඇති අතර තරුණිය ප්‍රංශ ජාතික තරුණයාට ප්‍රකාශ කොට ඇත්තේ තම දෙමව්පියන් යුද්ධයෙන් මියයාමෙන් පසුව වැඩිමහල් සහෝදරිය ළඟ ජීවත්වන බවය.
දෙදෙනාගේ ඇදුණුම්කම විවාහ ගිවිස ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර වසර එකහමාරක කලය ඇතුළත ප්‍රංශ ජාතික තරුණයා විසින් කිළිනොච්චියේ තරුණියට මුදල් ස්වර්ණාභරණ හා ත්‍යාග එවා තිබේ.
මේ වසරේ මැයි මාසයේදී විවාහය සැලසුම් කිරීමට ප්‍රංශ ජාතික තරුණයා කිළිනොච්චියට පැමිණ ඇත්තේ මේ අතරය. එහි පැමිණ තරුණිය හමුවීමට උත්සහ කළ අවස්ථාවේදී තරුණිය පළාතෙන් අතුරුදහන් වී ඇති බව ප්‍රංශ ජාතික තරුණයාට ඒ්ත්තු ගොස් තිබේ.
ඔහු මේ පිළිබදව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා තරුණිය අත් අඩංගුවට ගෙන ඇත . එහිදී හෙළි වී ඇත්තෙ ඒ වන විට ඇය පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු සමග විවාහ වී ළමයින් දෙදෙනෙකු සමග කිළිනොච්චියට නුදුරු ගම්මානයක ජීවත්වන බවය.
ප්‍රංශ ජාතික තරුණයා විසින් තරුණියට ලබා දෙන ලද මුදල් හා ස්වර්ණාභරණවල විස්තර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව තරුණිය රන් පවුම් 15 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ඔහුට අපසු ලබා තිබේ. ඉතිරි මුදල් හා ස්වර්ණාභරණද ආපසු ලබා දීමට ඇය පොලිසියට එකග වී තිබේ.
තරුණිය වෙණුවෙන් ලබා දුන් දේවලින් තමන්ට ආපසු ලැබුණු සොච්චම් දේ රැගෙන තරුණයා බලාපොරොත්තු සුන්ව ආපසු ඔහු ප්‍රංශයට ගොස් තිබේ.
කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







