සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් අවුරුදු කාලයේ සිදුවන හදිසි අනතුරුවලින් සියයට 36ක් ගිනි කෙළි අනතුරු… සෞඛ්‍ය ලේකම් කියයි!

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ සියයට 36 ක් හදිසි අනතුරු සිදු වනුයේ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය. 

රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතය නිසා සියයට 17 ක් අක්ෂි ආබාධ වාර්තා වන බවත් එම අනතුරු සියල්ලක්ම සිදු වනුයේ අනාරක්ෂිත භාවිතයන්  නිසා බවත් ඔහු ප්‍රකාශ කළේය. 

 සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග විවිධාකාරයේ අනතුරු නිසා ඇසට සිදු වන අනතුරුවල වර්ධනයක් ඇතැයි ද, රතිඤ්ඤා, ගිනිකෙළි, ගෘහස්ථ අනතුරු හා මාර්ග අනතුරු වැඩිවීම මීට හේතු වී ඇතැයි ද ඔහු පැවසුවේය.  

සමීක්ෂණ දත්ත අනුව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇති වන අනතුරු අතරින් වඩාත්ම බහුල වනුයේ අත් සහ ඇගිලිවලට සිදු වන අනතුරු ය. සියයට 46 ක් හදිසි අනතුරු තුවාලවලින් සියයට 17 ක් ඇස්වලටත්, සියයට 17 ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රයටත් සිදු වන බවට ද දත්ත වාර්තා වේ.   

මෙම අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩු වීමක් සිදු විය හැකි බව ද වෛද්‍යවරයා  ප්‍රකාශ කළේය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුඩා පිරිමි දරුවන් හා තරුණයින් බහුතරයක් අනතුරට ලක්වන්නන්ගේ ගණයට ගැනෙන අතර එම දත්ත අනුව වඩාත්ම අනතුර ඇති කර තිබෙනුයේ සියයට 32 ක් ලෙස රතිඤ්ඤාවලින් බවත් අහස්කූරු, බඹර චක්‍ර, රොකට් හැඩයේ පුපුරණ  ද්‍රව්‍ය සහ නිලාකූරුවලින් අනතුරු සිදු වන බවත් ඔහු පැවසුවේය.

පත්තු කළ රතිඤ්ඤා පත්තු නොවීම නිසා නැවත පත්තු කිරීමට යාමෙන් සිදු වන අනතුරු ඉහළ යන බවට වෛද්‍යවරු පවසති.

අනවශ්‍ය ලෙස රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතය නිසා අනතුරු සිදු වීම වළක්වා ගත යුතු බවත් මෙම භාවිතය අවම කර ගැනීමට සමාජය දැනුවත් කළ යුතු බවත් හෙතෙම පැවසීය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවාහ ගිවිසගෙන ප්‍රංශ තරුණයාගේ සේසතට විද්ද කිළිනොච්චියේ ගැහැණියක්…

Next Post

අපරාධ චෝදනා නැති ගම්පහ ටින්කරින් කාර්මිකයා මරා දැම්මේ  ඔහුගේ ඥාති පාතාල ප්‍රබලයෙක්ට රිදවීමටදැයි සැකයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.