බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයුධ ගත් රගර් ක්‍රීඩකයා සහ අවසන් නඩු තීන්දුව දෙන පොලිසිය !

by editor
අප්‍රේල් 8, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්  පොලිස් වෙඩි පහරකින් අද (08) උදෑසන ඝාතනය වුනේය.   දිලන්ත ලක්මාල්   සේවය කරමින් සිටියේ රත්මලාන කඳවුරට අනුයුක්තවය.  ඔහු ගේ ඝාතනය එක්වරම රට කම්පනය කළේ ඔහු ශ්‍රි ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වීමය.

මෙම තරුණ ක්‍රීඩකයා පාතාලයේ කුලී ඝාතකයෙක් ලෙස ක්‍රියා කර ඇති ආකාරය මේ ඝාතනයත් සමග පොලිසිය හෙළිදරව් කරන්නේය.

පොලිසිය කියන කතාව මෙසේය.

හොරණ මාලොස්ඇළ ප්‍රදේශයේදී ඊයේ (07) පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය. ඝාතකයින් මෙම අපරාධය සිදු කර තිබුණේ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකිනි.  වෙඩිතැබීම සිදු කළේ  මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසකි.

වෙඩිතැබීමෙන් පසුව මෝටර් රථය පළාගොස් තිබුණේ පාදුක්ක දෙසට බව CCTV දර්ශන අනුව පොලීසිය අනාවරණ කරගත්තේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වෙඩිතැබීමට සම්බන්ධ බව කියන සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් පොලීසියට ලැබී තිබුණේ මේ අතරවාරයේදී ය.  තොරතුරට අනුව එම පුද්ගලයා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි කෝප්‍රල් වරයෙකි.

ඒ අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අද අලුයම 1ට පමණ පාදුක්ක, මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් එහි පදිංචි පුද්ගලයෙක් ගැන තොරතුරු විමසා තිබුණි.

එහිදී එම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා විමර්ශන නිලධාරීන් නිවසට ආසන්න අංගමුව මංසන්ධියට පැමිණ එහි තාවකාලික මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබිණි.

මේ අතර අලුයම 4.15ට පමණ එම මාර්ගයේ පැමිණි සැකකටයුතු යතුරුපැදියකට නවත්වන ලෙසට පොලීසිය සංඥා කළත් පැදිකරු එය නොනවත්වා ඉදිරියට ධාවනය කළ බව පොලිසිය කියන්නේය.

ඒ සමග පැදිකරු, යතුරුපැදිය අතහැර ඉදිරියට දිවයමින් පොලිස් නිලධාරීන් දෙසට බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර කළ බවද පොලිසිය කියන්නේය.

 

එම අවස්ථාවේදී ආත්මාරක්ෂාව සඳහා පොලිසියද එම පුද්ගලයා දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් එහිදී එම පුද්ගලයා බරපතල තුවාල ලබා සිටිය දී පාදුක්ක රෝහලට ඇතුළත් කළ බවත් රෝහලට ඇතුළත් කළ පසු ඔහු මිය ගිය බවත් පොලිසිය කීවේය.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ ඊයේ දහවල් හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි

එමෙන්ම දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම “හඳයා” නමැත්තාගේ කුලී ඝාතකයා මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා බවය.

“ විමර්ශන නිලධාරින් මට වාර්තා කළේ මෙම පුද්ගලයා තමයි මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා කියන කාරණය. ඔහු මේ ඝාතනය සඳහා කුලී මුදලකට යොදා ගන්න ඇති කියලා අප විශ්වාස කරනවා පිටරට ඉන්න පුද්ගලයෙක් විසින්. මේ අවිවාහක පුද්ගලයා   මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වී සිටි බවට තොරතුරු ලැබී තියනවා.

ඔහු නිවාඩුවට ඇවිත් තියෙන්නේ . අද දින ඔහුගේ නිවාඩුව අවසන්. නිවාඩු ඉවරවෙලා යන්න කලින් තමයි ඔහු මේ අපරාධය කරලා තියෙන්නේ. පොලිසිය විමර්ශනය කරනවා තවදුරටත් ඔහුගේ අපරාධ සම්බන්ධය ගැන.  ඒ වගේම තව කීදෙනෙක් මේ අපරාධයට සම්බන්ධද කියන කාරණාව ගැන.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ නිහාල් තල්දූව කීවේය.

කෙසේ වෙතත් හැම පොලිස් කතාවකම මෙන්  මේ පොලිස් කතාව තුළත් යම් නොගැලපීම් සහ ප්‍රශ්න සහගත අභව්‍ය තැන්ද ඇත්තේය. සන්නද්ධ පොලිස් කණ්ඩායමක අණ නොතකා යතුරුපැදියකින් පලා ගොස් යතුරුපැදිය අත්හැර නවීන අවි දරන පොලිසියට ගල් කටස් තුවක්කුවකින් වෙඩි තබමින් ඉදිරියට පැමිණීම ඉන් කැපී පෙනෙන එකකි.

තොරතුරක් ලැබුණු සැනින් නඩු අසා අපරාධකරු නිගමනය කර වෙඩි තබා ඝාතනය කිරීමේ පොලිස් උසාවියේ මේ ස්වරූපය නම් අපව තිගස්සන්නේය. මක් නිසාද යත්    අපරාධ   තුරන් කිරීම සඳහා දඬුවම් ලබා දීම සම්බන්ධ බලය ඇත්තේ අධිකරණයටය.

යම් හෙයකින් ඒ අධිකරණ බලය පොලිසියට හුවමාරු වීම සාධාරණීකරණය කරන අයෙක් වෙත්නම් තමන්ගේ  ප්‍රවේශයේ බරතපලකම ඔවුන්ට තේරෙන්නේ කාගේ හෝ කුපාඩි කොන්ත්‍රාත්තුවක් සඳහා ආයුධ සන්නද්ධව පොලිසිය  ඔවුන්ගේ එළිපත්තට පැමිණෙන දාටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2024 මාර්තු මස ICC   ක්‍රීඩකයා කමිඳු….  

Next Post

ශ්‍රී ලංකාවේ විශාලම විද්වත් සාමුහිකය  – සමගි බුද්ධි මණ්ඩපය “රට ගොඩනගන නුවණ” ගැන කියන සංවාදය අරඹයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.