ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පොළොව යටදී ගත හැකි අවන්හල් අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව බෝගල ග්‍රැෆයිට් පතලේදී ආරම්භ කර ඇත.
මෙම භෝජන අත්දැකීම ක්‍රියාත්මක කරන ලද්දේ පොළව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් ඇති බෝගල ග්‍රැෆයිට් පතලෙනි. වරකට පුද්ගලයන් 15 දෙනෙකුට පමණ එහි ආහාර ගත හැකිය.
වර්ෂ 1865දී ස්ථාපනය කළ මෙම පතලහෙි එක් දෝනාවක මේ අවහන්හල නිර්මාණය කර ඇත. භූගත පරිසරයකදී දුරකතන සංඥා නොමැති වුවත් වයිෆයි පහසුකම ඔස්සේ ජංගම දුරකතන භාවිත කිරීමේ පහසුකමද මෙහි සලසා දී ඇත.
වර්තමානයේ බෝගල මිනිරන් පතල මීටර් 476 (ආසන්න වශයෙන් අඩි 1585) ගැඹුරට ළඟා වේ. එය මීටර් 124 (අඩි 410) ගැඹුරකදී අමුත්තන්ට ඩෝනා ලෙස හඳුන්වන භූගත අවන්හලකදී ආහාර ගැනීමේ හැකියා ව ඇත
ආහාර ගැනීම අතරතුරදී පතල් කැණීම් දැක බලා ගැනීමට අවස්ථාව ලැබීම මෙහි සුවිශේෂි අත්දැකීමක් වෙයි. අමුත්තන්ට තම ආහාර වේල භුක්ති විඳිමින් මිනිරන් නිස්සාරණය කරන කැපවූ සේවකයන් නිරීක්ෂණය කළ හැකිය. අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා, කැණීම් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා උපාය මාර්ගිකව ඩමි කිහිපයක් තබා ඇත.