සුමිත් පොතුපිටිය –
ගාලුපාරේ රාත්‍රි කාලයේ දී මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පදිනු ලැබූ තරුණයන් නව දෙනෙකු අද (14) අළුයම අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත්ව ඇත.
මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 26 ත් අතර වයසේ තරුණයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
රාත්‍රි 12 න් පසුව ගාලුපාරේ යතුරුපැදි රේස් පදින බවට ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ගේ ප්‍රධානත්වයෙන් තැන තැන සැඟව සිටි පොලිස් කණ්ඩායම , රාත්‍රි 12.30 ට පමණ ගොරකපොල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට තරගය ආරම්භ කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන යතුරුපැදි හතරක් පොලිස් භාරයට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මේ අවිනීත මෙන්ම මාරක ධාවන තරග රට තේරුමක් නැති රිය අනතුරු වැඩි කර ඇති අයුරු මෑතක දී නිරීක්ෂණය වන ආකාරය රථවාහන පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගිය 06 වැනිදා මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු අනතුරකට ලක් වී රෝහල්ගත කර දින හතකට පසු ඊයේ එක් තරුණයෙක් මිය ගියේය. මිය ගිය තරුණයා 19 හැවිරිදිය. අනෙක් තරුණයා තවමත් දැඩි සත්කාර ඒකකයේ ය.
යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව එය විදුලි කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පානදුර දකුණ පොලිසිය කීවේය.
අද අලුයම සිදුවූ සිද්ධිය සම්බන්ධව ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ප්‍රධානත්වයෙන් සැරයන් ලක්මාල් (69048), නීල් (28190), පුෂ්පකුමාර (21950), කොස්තාපල් වරුන්වන මහේෂ් (101777), සම්පත් (43177), රාජකරුනා (101777) සහ සේනාරත්න (34288) යන නිලධාරීහු වැටලීමට එක්වූහ .