සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම්! ජනපති ඉන්දීය අගමැති එක්වී ක්‍රමය හඳුන්වා දෙති…

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක් විය.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින්  වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරිණි. මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී එළිදක්වන ලද  “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය (UPI) හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් හඳුන්වාදීමත් සමඟ  LankaQR හරහා UPI ගනුදෙනු හඳුන්වාදීම සිදු කෙරේ. දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වන බවත් මෙම වැඩපිළිවෙළ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන්නක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර  වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීම සඳහා  සැලසුම් කර තිබේ.

මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සඳහන් කළේ මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධ වන බවත්, ඒ හරහා මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවත්ය.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සමඟ එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම තමන් පසුගියදා පර්ත් නුවරදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර්   සමඟ ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වූ බවත්, “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අදාළව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්වන බවත් පැවසූ ජනාධිපතිවරයා මොරිෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගීතාව මඟින් නව සම්බන්ධතා ගොඩනැඟීමට දරන ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව සහ මොරිෂස් රාජ්‍යය UPI පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කිරීම සහ දේශීය ආර්ථිකයන්හි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ පියවරක් බව මෙම අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සඳහන් කළේය.

අප්‍රිකාව සඳහා හඳුන්වාදුන් RuPay කාඩ්පතෙහි පවතින වැදගත්කම පෙන්වා දුන් නරේන්ද්‍ර මෝදි   ඉන්දියාවට පැමිණෙන මොරිෂස් සාංචාරකයන්ගේ පහසුව වැඩි කිරීම සහ මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීමේ අවශ්‍යතාව අඩු කිරීම සඳහා එමඟින් සිදුකරනු ලබන කාර්යභාරය අවධාරණය කළේය.

ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සිය අසල්වැසියන් මුහුණදෙන අර්බුදයන්හි දී “අසල්වැසියාට ප්‍රමුඛතාව” යන ප්‍රතිපත්තියට අනුව සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ මොරිෂස් අගමැති ප්‍රවින්ද් ජග්නවුත්   සිදු කළ කාර්යභාරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි මහතා සිය ස්තූතිය පළ කළ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රටවල් තුනෙහි මහ බැංකු හා ආයතන විසින් දක්වන ලද දායකත්වය අගය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.

මෝදි අගමැතිතුමනි, මෙය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල තවත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. මීට සති කිහිපයකට පෙර ඔබ රාම් මන්දිරය විවෘත විවෘත කළා. ඒ  පිළිබඳ මම ඔබට සුබ පතනවා. මෙයින් පිළිබිඹු වන්නේ අප දෙරටේ ආර්ථික හා සංස්කෘතික සබඳතාවයි.

වසර දහස් ගණනක සිටම අපගේ රටවල් දෙක අතර ගෙවීම් කටයුතු සිදු වූණා.  ඒ කාලයේ භාවිතා කරන ලද කාසි තවමත් අපගේ කෞතුකාගාරවල පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වසර දහස් ගණනක් පැරණි දකුණු ඉන්දියානු කාසි හමුවී තිබෙනවා.

ඉතින්, අප අද සිදු කරන්නේ එම සබඳතාව තාක්ෂණිකව වැඩිදියුණු කිරීම පමණයි. අපට තවදුරටත් කාසි අවශ්‍ය නැහැ. අප වෙනුවෙන් ලංකා QR සහ NIPL එකතු වී තිබෙනවා.

ඒ වගේම, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයන් පැමි‍ණෙන බැවින් අපේ රටේ සෑම ප්‍රදේශයකම මෙම ක්‍රමය භාවිතා විය යුතුයි.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහ ශ්‍රී ලංකාව සහ මුම්බායි අතර සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉතා විශාල වන අතර විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මම සිතන ආකාරයට ව්‍යාපාරිකයන් 400,000ක් පමණ මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. එබැවින් මෙය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකියි.

මම පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දීය අගමැතිතුමා සහ මම එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා සමඟ මම පසුගියදා පර්ත් නුවරදී සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව එම වැඩපිළිවෙළේදී අප ලබා ඇති ප්‍රගතිය  පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා. එමෙන්ම එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නව සම්බන්ධතා ගොඩනඟා ගත හැකි වෙනත් ක්ෂේත්‍ර ද හඳුනාගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. මට නම් මෙය සතුටට කරුණක්. මේ වැඩසටහන හරහා, අපි මොරිෂස් සමඟත් සම්බන්ධවී තිබෙනවා.

අප දෙරටම දූපත් රාජ්‍යයන් නිසා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටවල් දෙක අතර ඓතිහාසික සම්බන්ධතා තිබෙනවා. ශ්‍රී ලංකාව මොරිෂස් රාජ්‍ය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ පර්ත් නුවරදී නැවතත් සාකච්ඡා කළා. මෙම වැඩසටහන ආරම්භ කිරීමට දැක්වූ සහයෝගය පිළිබඳ මම මෝදි අග්‍රාමාත්‍යවරයාට නැවතත් ස්තූතිවන්ත වෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ    ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී අලෙවි මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියනය පනී… වත්කම් ඍණ අගයක… විගණනය කියයි!

Next Post

කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණා… මාතලේ මහ නගර සභාවේ වටිනා ඉඩමක් කොල්ල කන්න ගොස් මාට්ටු වුන හිටපු නගරාධිපති කී කතාව!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.