ශ්‍රි ලංකාවේ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් ක්‍රියා කරන තරුණයින්ගෙන් සමන්විත ස්වේච්චා සංවිධානයක් වන පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානය ශ්‍රි ලංකාවේ සම්‍රදු ආාශ්‍රිත අපද්‍රව්‍ය සඳහා දායක වන නිෂ්පාදන සන්නාම පිළිබඳව විගණනයක් සිදු කොට ඇති අතර එහිදී මෙරට වෙළෙඳපොළේ ඇති ප්‍රමුඛතම පෙළේ නිෂ්පාදන සන්නාම 14ක් ශ්‍රි ලංකාව අවට මුහුදේ සමුද්‍ර ආශ්‍රිත අපද්‍රව්‍යවලින් සියයට 85කට බලපාන බව අනාවරණය වී ඇත. ඔවුන්ට අනුව මෙම සන්නාම අතරින් මෙරට වැඩිම දූෂණයකට වගකියන්නේ යුනිලීවර් සමාගමයි.
පර්ල් ප්‍රොටෙක්ටර්ස් (Pearl Protectors) සංවිධානය සිය ස්වේච්චා තරුණ බලකාය කණ්ඩායම් 10කට බෙදී ශ්‍රි ලංකාවේ වෙරළ තීර 16ක හමුවන දූෂිත දුව්‍ය පිළිබඳව විගණනයක් සිදුකර ඇති අතර එහිදි ඔවුන් පසුගිය සැප්තැම්බර් මාසය තුළ බස්නාහිර පළාතේ සහ නැගෙනහිර පළාතේ වෙරළ තීරයන්හිදී හමුවූ දූෂිත ද්‍රව්‍ය 8057ක් විශ්ලේෂණයෙන් මෙලෙස මෙරට සමුද්‍ර දූණනයට දායන වන ප්‍රබල සන්නාම පිළිබඳව නිගමනයට පැමිණ තිබේ. ඔවුන් ඒ අනුව පවසන්නේ සමස්ත දූෂණ දාකයකත්වයෙන් සියයට 14ක් යුනිලීවර් සමාගම ට සම්බන්ධ නිෂ්පාදනවලින් බැහැර කරන අපද්‍රව්‍ය හේතු වන බවයි.
ඒ අනුව ඔවුන් සමුද්‍ර දූෂනයට සිදු කරන බලපෑමේ ප්‍රමාණය අනුව ප්‍රධානතම සන්නාම පෙළ ගස්වා ඇත්තේ මෙසේය.
1 යුනිලීවර් ශ්‍රි ලංකා (සියයට 14)
- කොකා කෝලා (සියයට 10)
- සිලෝන් බිස්කට්ස් (සියයට 9)
- නෙස්ලේ (සියයට 7)
5 කාගිල්ස් සිලෝන් (සියයට 7)
6 මැලිබන් බිස්කට්ස් (සියයට 6)
7 පර්ෆෙට්ටි වෑන් මෙලේ ( සියයට 6)
8 සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ( සියයට 6)
9 හේමාස් හෝල්ඩිංගස් (සියයට 4)
10 ප්‍රිමා සිලොන් ලිමිටඩ් (සියයට 4)
11 ෆොන්ටෙරා (සියයට 3)
12 පෙප්සි ඉන්කෝපරේෂන් (සියයට 3)
13 ලංකා මිල්ක් ෆුඩ්ස් ( සියයට 2)
14 මිල්කෝ (සියයට 2)
ඉහත සමාගම් වැඩිම දායකත්වයක් ලබා දුන්නද ඔවුන්ගේ විගණනයට අනුව මෙරට සන්නාම 84ක් අඩු වැඩි වශයෙන් මෙරට සමුද්‍රාෂන්න පරිසරය දූෂණයට ලක් කිරීමට දායක වී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.







