ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රි ලංකාව ඉල්ලුම් කර ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය සම්බන්ධයෙන් එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මෙම වසර අවසානය වනවිට ලැබීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ රජයේ මූලාශ්‍ර පදනම් කරගෙන මේ බව ප්‍රකාශ කරන රොයිටර් පුවත් සේවය ඒ අනුව ශ්‍රි ලංකාව අපේක්ෂා කළ පරිදි ජනවාරි මාසයේ දී මෙම ණය සහනය ලැබීම සිදු නොවනු ඇති බව ද පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසැම්බර් මාසය තුළ පවතින රැස්වීම් සාකච්ඡා මේ වනවිටත් සැලසුම් කර ඇති අතර මෙම රැස්වීම් අතර ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නොපවතින බවද සඳහන් වේ. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලබා ගැනීම සඳහා වන පූර්ව සුදුසුකමක් වන ශ්‍රි ලංකාවට ඇති විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය පසුගිය මාස කිහිපය තුළ මන්දගාමී වීම බවත් මෙ තත්ත්වය මත ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බවත් රොයිටර් පුවත් සේවය පැවසිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව රජයට අවධාරණය කර ඇත්තේ වැඩිම ද්වීපාර්ශ්වික ණය පවතින රටවල් ලෙස චීනය ඉන්දියාව සහ ජපානය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ සාකච්ඡාවකට ශ්‍රි ලංකාව අවතීර්ණ විය යුතු බවය. මේ පිළිබඳව මූලික සාකච්ඡා සිදු වුවද මෙතෙක් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බනධද අවසන් එකඟතාවකට මෙම රටවල් සමඟ පැමිණීමට ශ්‍රි ලංකාව අපොහාසත් ව තිබේ.
රොයිටර් පුවත් සේවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රි ලංකාව සඳහා වන ණය සඳහා අනුමැතිය දෙන්නේ කවදාදැයි ඇසූ ප්‍රශ්නයට ඊ මේල් මඟින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධ කාල රාමුවක් පිළිබඳව පුරෝකථනයක් දැන්ම කළ නොහැකි බවය.