සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශතක දැක දැක දැවී යෑම…

by editor
මාර්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන්ය.  දිනය නිමා වනවිට ලකුණු 314ක් ය. කඩුළු 04ක් පමණක් දැවී ගොස් ඇත. දිනයේ පූර්ණ ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමටය.  ලකුණු නම් ඇතිය.  දුක හිතෙන්නේ අපේ උන් ශතක දැක දැක දැවී යන විටය.  කුසල් සිය 10 වැනි ටෙස්ට් ශතකය අහිමිකරගත්තේය.  දිමුත්ට සිය 17වැනි ටෙස්ට් ශතකය අහිමි වුනේය.

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර මේ වනවිට චිතොගම්වල පැවැත්වෙමින් ඇති  දෙවැනි ටෙස්ට් තරගයේ පලමු දිනයේ දී පිතිකරුවන්ට යෝග්‍ය චිතොගම්  සහුර් අහමඩ් චෞද්‍රි  ක්‍රීඩාංගනයේ දි කාසියේ වාසිය දිනා පිතරකරණය තේරූ  ශ්‍රි ලංකා පිතිකරුවෝ අභියෝග රහිතව පන්දුවට පහර එල්ල කරමින් සිටිති.

නිශාන් සහ දිමුත්….

ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න   ලකුණු 96ක් ලෙස ඉහළ ආරම්භක සම්බන්ධතාවයක් ගොඩනැගී තිබෙද්දී තරගයේ මුල්ම කඩුල්ල ලෙස නිශාන් මධුශ්ක දැවී ගියේය.    ඔහු අවාසනාවන්ත ලෙස ලකුණු 57කට දුවද්දී  දැවී යද්දී මුලු ලකුණු ගණන ලකුණු 96කි.

දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී යන්නේ   ශතකය පෙනි පෙනී ය.    ඔහු හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුනු 86ක් ලබා සිටිද්දී හසන් මහමුද් එවු පන්දුවක් කඩුල්ලේ වැදී දැවී ගියේය. ඒ වනවිට කුසල් සහ දිමුත් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ සම්බන්ධතාවය ලකුණු 114කි.  දෙවැනි කඩුල්ල ලෙස දිමුත් දැවී යනවිට කන්ඩායමේ මුලු ලකුනු සංඛ්‍යාව ලකුනු 210කි.

බංගලාදේශ තරගාවලියේ දී  සමස්ථයක් ලෙස අසමත් වී සිටි කුසල් මෙන්ඩිස්   ලකුණු නියඟය නිමා කළ  නමුත් ඔහුත් ශතකය දකිමින් දැවී ගියේය. කුසල් දැවී යන්නේ ලකුනු 93කටය.  ශකීබ් අල් හසන්ගේ පන්දුවකට ස්ලිප්හි සිටි මේදි හසන් මිරාස් වටිනා උඩපන්දුවක් රැක ගත්තේය. කුසල් සිය ලකුනු  93 රැස් කරන්නේ පන්දු 150ක් තුළය.  හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දිමුත් 86යි…

සිව්වන කඩුල්ල ලෙස මැතිව්ස් ලකුණු  23කට දැවි ගියේය. පන්දු 71කට මුහුණ දුන්නේය.  හතරේ පහර දෙකක් සහ හයේ පහරක් එල්ල කළේය. එහෙත් ඔහු අද පිටියට පැමිණි මොහොතේ සිට ක්‍රීඩා කළේ භංග වූ විශ්වාසයෙනි. ඔහුට ඉහලින් බංගලාදේශ පන්දු යවන්නෝ වූහ. මේ ලකුණු 23 ද මැතිව්ස් ලබා ගන්නේ අනූ නවයෙන් සිය කඩුල්ල බේරා ගන්නා අවස්ථා තුනක් මගහැරීමෙන් අනතුරුවය. ඒ අතර ලකුණු 14 දී පළමු ස්ලිප් ක්‍රීඩකයා අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් ද  විය.

දිනය අවසන්වන විට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නොදැවී පිතිකරණයේ යෙදෙමිනි. ධන්ජය හතරේ පහර 2ක් සමග ලකුණු 15කි.  දිනේෂ් චන්දිමාල් හතරේ පහර දෙක්ක සහ හයේ පහර දෙකක් සමග ලකුනු 34කි.

දිනයේ අවසන් කාර්තුවේ දී බංගලාදේශ පන්දු යවන්නෝ අභියෝගාත්මක පන්දු යැවීමක නිරතවනු පෙනුණි. ධනංජය අවස්ථා දෙකක දී ඔන්න මෙන්න කොටුවෙන්නට ගියේය.  කෙසේ වෙතත් චන්දිමාල් අප බොහෝ කලකට එපිට දී දුටු චන්දිමාල්ගේ විශ්වාසය පෙන්වමින් පිතිකරණයේ නිරතවනු පෙනුණි.

දිනයට නියමිත පන්දු ඕවර 90 යවනවිට ටෙස්ට් රිද්මය සහිත මනරම් ඉනිමක් ශ්‍රී ලංකා කන්ඩායමෙන් පෙන්නුම් කර ඇත. ඕවරයක සාමාන්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 3.48කි.

පස්වන කඩුල්ල වෙනුවෙන් මේ වනවිට ධනංජය සහ චන්දිමාල් අතර ලකුණු  25ක සම්බන්ධයක් ගොඩනැගී ඇත. පන්දු යැවීමේ දී මෙම සිය මංගල ටෙස්ට් තරගයට කැඳවූ හසන් මහමුද් පන්දු ඕවර 17ක් යවා ලකුණු 64කට කඩුළු දෙකකි. ශකීබ් අල් හසන් පන්දු ඕවර 18ක් යවා ලකුණු 60කට කඩුල්ලකි. නිශාන් මධුශ්ක දැවී යන්නේ දුවන්නට ගොස්ය.

පිතිකරණයට උචිත තණ තීරුවේ හෙට දවස තීරණාත්මකය. හෙට වැඩි කාලයක් ශ්‍රි ලංකා කණ්ඩායම පිටියේ රැඳි සිටියහොත් එය  ජයග්‍රාහී අවසානයක් සම්බන්ධව බලාපොරොත්තු දැල්වීමක් වන්නට පුලුවන. පිළිගත් පිතිකරුවෙක් ලෙස කමිඳු මෙන්ඩිස් පිටියට පැමිණීමට නියමිතව ඇත. ඔහුගෙන් අනතුරුව විශාල පිතිකරණ ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවේ.  ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දුගෙන් ලකුණු  ආවොත් එන සෑම  ලකුණක්ම  බෝනස් එකක් සේ වටිනු ඇත.

තණතීරුව ගැන අදහස් පලකල ධනංජය ඊයේ කීවේ තරගයේ මුල් දින තුන පිතිකරණයට උචිත සේ හැසිරුණ ද දෙවැනි තුන්වැනි දින දඟ පන්දු යවන්නන්ගේ වාසියට හැසිරෙනු ඇති බවය. මුල් ටෙස්ට් තරගයේ දී පූර්ණ වේගපන්දු ප්‍රහාරයකින් සාර්ථක වුව ද මෙම තරගයේ වැඩි බරක් ප්‍රභාත් ජයසූරිය වෙත පැවරෙනු ඇත.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF ප්‍රතිසංස්කරණ අවසන් වනතුරු මැතිවරණ නැ…. ජනපති දැනුම් දෙයි!

Next Post

මෛත්‍රීට පාස්කු ප්‍රහාරය ගැන කී අද්භූද අමුත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව CCTV පරික්ෂා කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.