පාස්කු ප්‍රහාරය සිදුවු ආකාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට තොරතුරු ලබා දුන් නාඳුනන විදෙස් ඔත්තුකරුවෙක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව විසින් සී.සී.ටී.වී දත්ත පරික්ෂා කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තු ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට හිටපු ජානාධිපතිවරයා විසින් ලබා දුන් කටඋත්තරය ප්‍රකාරව ඔහුට මම විදෙස් ඔත්තු කරුවා මුණ ගැහී ඇත්තේ විදේශීය තානාපති කාර්යාලයක පැවති විශේෂ උත්සවයකදී බව දැනගන්නට ඇත.
මෙහිදී තමන් ලඟින් ඉඳගෙන සිටි මෙම නාඳුනන පුද්ගලයා තමන් සමග කතාවට ඒක් වූ බවත් ඒහිදී මෙම තොරතුරු ඔහු විසින් ප්‍රකාශ කර තිබුණු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පුද්ගලයාගේ නම ගම සහිත අනන්‍යතාවය ප්‍රකාශ කර නොමැති බව ද ඔහු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවද හිටපු ජනාධිපතිවරයා සී.අයි.ඩි යට දන්වා ඇතැයි පැවසේ.
ඒ් අනුව විශේෂ අවසරයක් මත අදාල උත්සව අවස්ථාවේ සී.සී.ටි.වි දර්ශන පරීක්ෂා කරමින් මේ තොරතුර ලබා දුන් පුද්ගලයා හදුනා ගැනීමට කටයුතු කරන බව විමර්ශන අංශ කියයි.