ජනමාධ්‍යවලට ලබා දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැය හතක කාලයක් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව පිළිබඳව වෛද්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ ඔහුගේ ප්‍රශ්න කර ඇති අතර ඔහු විසින් ඖෂධ නිෂ්පාදනය සහ අනුමත කිරීම පිළිබඳව කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇතැයි වාර්තා වේ.
මීට පෙරද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් ප්‍රශ්න කිරීම් සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංසථාවේ සභපති වෛද්‍ය උත්පල චන්ද්‍රවංශ විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගෙන් මෙම ප්‍රකාශ ලබාගෙන ඇති අතර අවශ්‍ය වුවහොත් යළිත් වතාවක් කැඳවා ප්‍රශ්න කරන බවට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දන්වනු ලැබ ඇත.







