ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කි‍්‍රයාත්මක ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ පස්වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් මත සාර්ථක අයුරින් නිමකරන ලදී.
ශ්‍රි ලංකා ගුවන් හමුදා විරවිල කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවකින් අවස්ථා තුනකදි සියඔලා ආණ්ඩුව ප්‍රාදේශිය කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 75 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරඳ, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, ආදී ශාක බීජ 80,000 ක් ප්‍රමාණයක් තෝරාගත් භූමි ප්‍රදේශය වෙත ගුවනින් හෙලීම සිදුකරන ලදී. 
මෙම ව්‍යාපෘතිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි.







