ශ්‍රියානි විජේසිංහ –
කැබිනට් තීරණයක් මත අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවට චක්‍රලේඛයක් මගින් දැනුම් දුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ වෛද්‍ය පරිපාලකයින්ගේ සේවා සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු ක්‍රමය භාවිතා කිරීමේ තීරණය වහාම නැවත හැරවීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට ඊයේ (27) උපදෙස් ලබා දුන් බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.
සේවා වටාපිටාව පිලිබඳව කිසිදු අධ්‍යනයක් නොකර කැබිනට් තීරණයක් හෝ වෙනත් යම් කරුණක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇඟිලි සලකුනු ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට එහි අතිරේක ලේකම්වරියකගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කිරීම තුළ අනවශ්‍ය කලබලයක් ඇති වනබව සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා මුණගැසී කරුණු පැහැදිලි කළ බව හරිත අලුත්ගේ පැවසුවේය.
වෛද්‍ය පරිපාලකයෙකුගේ සේවය පැය 8 ට සීමා නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු අධයක්ෂවරුන් අමාත්‍යංශය තුළ මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් සේවයේ නිරත වන නමුත් ඔවුන්ට ගෙවනුයේ පැය 4ක අතිකාලයක් බවත් මෙය ද සොච්චම් මුදලක් බවත් සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට පැහැදිලි කර දුන් බව හෙතෙම පැවසුවේය.
ඊයේ නිකුත් කළ චක්‍රලේඛය පහත දැක්වේ.







