ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දියාවේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන බවත් දෙරටේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී ඇති බවත්ය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර ගුවන් සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ඔවුන් එකඟ වූ බවයි.අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව සිය මිතුරා වන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ උරෙන් උර ගැටී සිටි බවද ඉන්දීය අග්‍රාමත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
“ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය සහ ‘සාගර්’ දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාවට ද වැදගත් ස්ථානයක් ඇත. අද අපි ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව අපගේ අදහස් බෙදා ගත්තා. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බව අපි දැඩිව විශ්වාස කරනවා,” යනුවෙන් අගමැති මෝදි පැවසීය.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට අපි එකඟ මෙහිදී එකඟ වුනා. එහිදී ජනතාවගේ වෙළඳාම සහ ගමනාගමනය වැඩි කිරීම සඳහා තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවා ආරම්භ කිරීමට අපි තීරණය කර තිබෙනවා.“ යනුවෙන්ද ඉන්දීය අග්‍රාමත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව වසරක් ගතවීමටද සිය සුබ පැතුම් එක්කළ අතර එහිදී ජනාධිපති වික්‍රමසිංහ ඉතා උණුසුම්ව පිළි ගැනීමටද එහිදී පියවරගෙන තිබිණි.
ශ්‍රී ලංකාව ඉකුත් වසරේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවේදී ඉන්දීය ප්‍රථමයෙන්ම සිය සහය දීමට ඉදිරිපත් වූ අතර එමගින් මතුව තිබූ දැඩි ඉන්ධන අර්බුදය පාලනය කිරීමටද හැකියාව ලැබිණි







