බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාග පදක්කම   ට්‍රම්ප්ට පිරිනමයි!

by editor
ජනවාරි 16, 2026
in පුවත්
Maria-Corina-Machado -and-Trump
Share on FacebookShare on Twitter
  • නොබෙල් ත්‍යාගය කිසිවෙක් සමග බෙදා ගැනීමට හෝ කිසිවෙකුට පැවරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනය ප්‍රකාශ කරයි…

වෙනිසියුලාවේ දේශපාලන අනාගතය හැඩගැස්වීමේ උත්සාහයන් කෙරෙහි බලපෑම් කිරීම සම්බන්ධව සිය කෘතඥතාවය පළ කරමින්   වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) ඊයේ (15)  ධවල මන්දිරයේ පැවති හමුවකදී සිය නොබෙල් සාම ත්‍යාග පදක්කම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමුවාය.

Maria-Corina-Machado
මාරියා කොරිනා මචාඩෝ

ට්‍රම්ප් එම පදක්කම තමා සන්තකයේ තබා ගැනීමට අදහස් කරන බව ධවල මන්දිර නිලධාරියෙක් තහවුරු  කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා සවස් වරුවේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ සඳහන් කළේය: “මා කළ සේවය වෙනුවෙන් මාරියා ඇයගේ නොබෙල් සාම ත්‍යාගය මට පිරිනැමුවා. එය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු සංකේතයක්. ස්තූතියි මාරියා!”

මෙම හමුව “විශිෂ්ට” එකක් ලෙස හැඳින්වූ මචාඩෝ ප්‍රකාශ කළේ, වෙනිසියුලානු ජනතාවගේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් දක්වන කැපවීම අගයමින් මෙම තෑග්ග පිරිනැමූ බවයි. ධවල මන්දිරය පසුව ට්‍රම්ප් සහ මචාඩෝ සිටින ඡායාරූපයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි ජනාධිපතිවරයා එම පදක්කම ප්‍රදර්ශනය කර ඇති විශාල රන් පැහැති රාමුවක් අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණි.

එහි ඇතුළත් පාඨයේ සඳහන් වූයේ, “ශක්තිය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීමේදී ඔබ දැක්වූ අසාමාන්‍ය නායකත්වය වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙත කෘතඥතාව පළ කරමු” යනුවෙනි. එය වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් පිරිනැමුණු පුද්ගලික කෘතඥතා සංකේතයක් ලෙසද හඳුන්වා දී තිබුණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පදවියෙන් පහ කරන ලද නිකොලස් මදුරෝ වෙනුවට මචාඩෝ වෙනිසියුලාවේ නායිකාව ලෙස පත් කිරීමේ අදහස ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔහු තමා වෙත නම්මා ගැනීමට ඇය ගත් උත්සාහයක් ලෙස මෙය සැලකේ. ට්‍රම්ප් මීට පෙර නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ උත්සාහ කළ අතර, පසුගිය මාසයේ මචාඩෝට එම ත්‍යාගය හිමි වූ විට ට්‍රම්ප්  ඒ පිළිබඳව දැඩි ලෙස නොසතුට පළ කර තිබුණි.

නොබෙල් ත්‍යාග ලාභීන්ට ලැබෙන රන් පදක්කම මචාඩෝ විසින් ට්‍රම්ප්ට ලබා දුන්නද, එම ගෞරවය තවමත් ඇය සතු වන බවත් නොබෙල් ත්‍යාගය වෙනත් අයෙකුට පැවරීමට, හවුලේ බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බව නෝර්වීජියානු නොබෙල් ආයතනය ප්‍රකාශ කර ඇති බවත් රොයිටර් වාර්තාවේ සලකුණු කරයි.

පැයකට මඳක් වැඩි කාලයක් පැවති මෙම දිවා භෝජන සංග්‍රහය, ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාවය. ඉන් අනතුරුව ඇය කැපිටල් හිල්හිදී රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් පිරිසක් හමු වූවාය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් පැවසුවේ, ට්‍රම්ප්   මචාඩෝ මුණගැසීමට උනන්දුවෙන් සිටි නමුත්, කෙටි කාලීනව රට මෙහෙයවීමට අවශ්‍ය සහයෝගය ඇයට දැනට නොමැති බවට ඔහු දරන “යථාර්ථවාදී” ස්ථාවරයෙහි තවදුරටත් රැඳී සිටින බවය.

පසුගිය දෙසැම්බර් මාසයේදී මුහුදු මාර්ගයෙන් වෙනිසියුලාවෙන් පලා ආ මචාඩෝ, එරට රජයේ සාමාජිකයන් සමඟ තරඟ කරමින් ට්‍රම්ප්ගේ අවධානය දිනා ගැනීමටත්, අනාගත පාලනය තුළ තමාට භූමිකාවක් තහවුරු කර ගැනීමටත් උත්සාහ කරමින් සිටියි. (රොයිටර්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

යන්ත්‍ර දෙකම අක්‍රීයයි… කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර මුලුමනින්ම ඇනහිටී!

Next Post

ගිනි අවි උන්ඩ සමග රත්මලානේ දී පුද්ගලයින් 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.