ශ්‍රියානි විජේසිංහ –
මෙවර ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවන් වලදී පැවති අවසන් එකඟතාවන් ක්‍රියාත්මක නොවන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවුන ලෙස වෛද්‍යවරුන් රට හැර දමා යමින් තිබෙන බැවින් මෙහි ප්‍රතිපල භුක්තිවිදීමට සිදුවන්නේ අසරණ රෝගීන්ට බව ලේකම්වරයා කියයි.
ඔහු පෙන්වා දෙන්නේ අයවැයෙන් ඔබ්බට සාකච්ඡා කර එකගතාවට පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි වචන ප්‍රකාශයට පත්නොවන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව කැදවා තීරණයන් ගැනීමට කටයුතු කරන බවත් පැවසුවේය.
මෙවර අයවැය ලේඛණය බැලූ බැල්මට පෙනෙනුයේ අපට දුන් පොරොන්දු සහ මේ අයවැයෙන් ලියවිලා කියවිලා තිබෙන පෙරොන්දු අතර ලොකු හිඩසක් තිබෙන බව යැයිද හෙතෙම කීවේය.
එම හිඩසට පැහැදිලි පිළිතුරක් බලධාරින්ගෙන් නොලැබෙන්නේ නම්, එනම් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කර, වෛද්‍යවරුන් රටතුළ රඳවා රෝහල් පද්ධතිය රැකගන්න යැයි සඳහන් කළද මෙම අයවැයෙන් එයට අවශ්‍ය උත්තේජනයක් ප්‍රකාශයට පත්ව නොමැති බව ද වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.