වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් පී.එම්.බී. රයිස් නාමය යටතේ වෙළඳපොලට හෙට (27) සිට නිකුත් කිරීමට නියමිතව තිබේ.
මෙම සහල් කිලෝග්‍රෑම් පහේ සහ දහයේ ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු ලෙස අලෙවියට නිකුත් කරනු ඇත.
වෙළඳපොල අවශ්‍යතාව මත මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් සතොස අලෙවිසැල් මගින් මෙම සහල් නිකුත් කිරීමටත් පාලන මිලට වඩා අඩුවෙන් සහල් අලෙවි කිරීමටත් අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් ප්‍රකාශ කරයි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සහල් මළු ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් 3 ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ විවෘත කරනු ලබන අලෙවිසැලක් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වෙළඳසැල් හරහා හෙට සිට මෙම සහල් ලබාගත හැකි බව මණ්ඩලය පවසයි.