කීර්ති ප්‍රනාන්දු –
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (23) එළි දැක්වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් නිර්මාණය කළ නිළ තේමා ගීතයෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ.
මෙතෙක් නිර්මාණය වූ සෑම තේමා ගීතයකම ශ්‍රී ලංකාවේ නියෝජනයක් දක්නට ලැබිණි.
ද්විමාන සහ ත්‍රිමාන තාක්ෂණයෙන් තේමා ගීතයට අදාළ වීඩියෝව නිර්මාණය කර මෙම ගීතයේ ඉන්දිය නායක විරාත් කෝලි, කොදෙව් නායක කිරන් පොලාඩ්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් කාන්ගේ රුව එහි ඇතුළත් වුවත් එකම ලාංකික ක්‍රීඩකයෙකුගේ ඡායාවක් තබා රටේ නමවත් ගීතයට ඇතුළත් වී නැත.
ඉන්දියාවේ මුම්බායි, නවසීලන්තයේ ඕක්ලන්ඩ්, කොදෙව් දූපත්හි ජැමෙයිකා හා පාකිස්තානයේ කරච්චි යන නගර කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝව සජීවීකරණය කර තිබේ.
එළඹෙන ඔක්තොම්බර් 17 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ඇරඹීමට නියමිතය.
තේමා ගීතය







