ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට ඉන්දියාව දැවී ගියේය. නිව්යෝක්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දු රැකීම තෝරාගෙන ඉන්දියානු කණ්ඩායම පන්දු ඔ්වඒ 19ක් තුළ ලකුණු 119කට දවාගෙන ඇත.
හොඳම පිතිකරණය රිෂාඩ් පාන්ට්ගෙනි. ඔහු පන්දු 31ක දී ලකුණු 42කි. අක්සාර් පටෙල් පන්දු 18ක දී ලකුණු 20කි. අනෙක් සියල්ලන්ම ෆේල් ය.
රෝහිත් ෂර්මා ලකුණු 13කට දැවී ගියේය. හැමදාම පකිස්ථාන කණ්ඩායමට ගුටි දුන් විරාට් කෝලි ලකුනු 4කි. සූර්ය කුමාර් යාදේව් 07කි. ශිවම් ඩුබේ 3කි. හර්දික් පාණ්ඩ්‍යා 7කි. රවින්ද්‍ර ජඩේජා මුහුණ දුන් මුල් පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යන්නේය. ජස්පිට් බුම්රා ද ඒසේමය. ලකුණු ලැබුවේ නැත. මුහුණ දුන් මුල් පන්දුවෙන්ම දැවී ගියේය.
අර්ෂදීප් සිං ලකුණු 09කි. මොහොමඩ් සිරාජ් ලකුනු 09කි. ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී ගොස් ඇත.
නසීම් ෂා ලකුණු 21ට කඩුළු 03ක්, හරිස් රවුෆ් ලකුණු 21ට කඩුළු 03ක්, මොහොමඩ් අමීර් ලකුණු 23ට කඩුළු 2ක්, ෂහීන් ෂාහ් ඇෆ්රිඩි ලකුණු 29කට කඩුල්ලක් ලැබුවේය.
පක්ස්ථානයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 120කි. එය මේ විශේෂිත තණ තීරුව නොවුනානම් අඩුම තරමින් ලකුණු 160කට පමණ ඉලක්කයකි.
ලෝකයම බලාගෙන ඉන්නේ පකිස්ථාන ඉනිම දෙසය.