අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ පොසොන් දන්සල් 1000ක්… හෙට සිට දන්සල් පරික්ෂා කිරීම් අරඹයි…

by editor
ජූනි 19, 2024
in පුවත්
Dansal
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොසොන් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම හෙට (20) දින සිට (23) දින දක්වා  දිවා රාත්‍රී දෙකෙහිම සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල  15 ක නිලධාරීන්  175 දෙනකුට වැඩි පිරිසක්  සහභාගි වන බවද එම අංශය  පවසයි  .

බෝවන රෝග වැඩි වශයෙන්  පැතිරීම සිදුවන්නේ ජලයෙන් බැවින් විශේෂයෙන් ඉකුත් දිනවල ජලගැලීමට ලක් වූ ප්‍රදේශවල පවත්වන දන්සැල් සඳහා දැඩි අවධානයක් යොමු කරන බවත් එම ප්‍රදේශවල  දන්සැල් පවත්වන සංවිධායකවරුන්හට විශේෂ දැනුවත් කිරීම් සිදුකර ඇති බවත් පවසන සෞඛ්‍ය නිලධාරීන් අනෙකුත් ප්‍රදේශවලද දන්සල් සංවිධායකවරුන්ව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලියාපදිංචි කර දැනුවත් කිරීම් සිදුකර ඇතැයි ද පැවසීය  .

විශේෂයෙන්ම ආහාර සැකසීමේදී, පානීය ජලය ලබා ගැනීමේදී, සිසිල් බීම සැකසීමේදී  ,ඉතා පිරිසිදු ජලය යොදා ගන්නා ලෙසත්  බිම තබා නොගෙන ආහාරපාන සැකසීමටත් දන්සල් සංවිධායකවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරයි  .

එසේම හැකිතාක් දුරට සිසිල් බීම  වෙනුවට උණු ජලය මගින් ලබාදිය හැකි පාන වර්ග සහිත දන්සල් ලබාදීමට පියවර ගන්නේ නම් ඉතා  සෞඛ්‍ය ආරක්ෂිත බවද  සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී සිටි  .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ( 19 ) දහවල් වන විට  ගම්පහ දිස්ත්‍රික්කය පුරා විවිධ දන්සැල් දහසකට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචි වී  ඇති බවත් ඔවුන්හට සෞඛ්‍ය ආරක්ෂිත ලෙස දන්සල් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දී ඇති බවත්  සෞඛ්‍ය නිලධාරීන්  පවසයි  .

විශේෂයෙන්ම දන්සැල් සඳහා යොදාගන්නා ජලය, ආහාර ද්‍රව්‍ය,  ආහාර පාන සඳහා යොදාගන්නා  කෘතිම බීම වර්ග හා වර්ණක පිළිබඳව දැඩිව විමසිලිමත් වන බව පවසන සෞඛ්‍ය නිලධාරීන් ආහාර පිසීම හා පිළිගැන්වීම සඳහා බෝ වන රෝග සහිත පුද්ගලයන් සහභාගී කර නොගන්නා ලෙසත් ආහාරපාන සැකසීමේදී මේස මත තබාගෙන සැකසීමට පියවර ගත යුතු බවත්  දැඩිව අවධාරණය කර සිටි  .

කිසියම් අයුරකින් සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් නොසලකා හරිමින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන ලෙස පවත්වාගෙන යන ඕනෑම දන්සලක සංවිධායකවරුන්හට නීතිමය පියවර ගනිමින් එම දන්සලෙහි අපිරිසිදු ආහාරපාන විනාශ කර දැමීමට හා දන්සල වසා දැමීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් කියා සිටී  .

එසේම දන්සැල් මගින් ආහාර පාන ලබා ගන්නා ජනතාවද හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් තමන් ආහාර ලබා ගන්නා අවස්ථාවේදී එම ආහාර පානවල පිරිසිදුභාවය පිළිබඳව අවධාණය යොමු කරන ලෙසත් සැලකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය නිලධාරීන්  විශේෂයෙන්  දැනුම් දී සිටි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උදේ හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ දී වන අලි ප්‍රහාරයකින් ලොරි රියදුරෙක් මරුට…

Next Post

එකැස් කනෙක් සේ  හැසිරෙන්න එපා… මහා සංඝයාගේ විරෝධයෙන්   සමාජ කැළඹීමකට ඉඩ නොතබා සුරාසැල් ඇරිමේ ව්‍යාපෘතිය නවත්වන්න… මල්වතු නා හිමිවරු ජනපතිට දන්වති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.