සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධකාරයෝ පොලිසියෙ ඉහළ පුටුවල තියාගෙන නීතියේ ආධිපත්‍ය ගැන මොන කතා ද?… විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න අසයි…

by editor
ජූනි 9, 2024 - Updated on ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න සමග ශානි අබේසේකරත් ජාතික ජන බලවේග වේදිකාවට නගී!

ජනාධිපතිවරයාට රටින් පළා යන්නට සිදුවූ, අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නට සිදු වූ ජනතා නැගිටීම ඇති වූයේ පොලිස් නිලධාරීන් නිසි ආකාරව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා බවත්, මේ ව්‍යසනයට වගකිව යුතු නිලධාරීන් තවමත් පොලිස් රාජකාරියේ සිටින බවත් අධිකරණයෙන් අපරාධකරුවන් වූ නිලධාරීන් පොලිසියේ ඉහළම පුටුවල රැඳෙමින් නීතියේ ආධිපත්‍ය ගැන පුරසාරම් දෙඩීම මළ මිනියක් නිවසේ තබාගෙන බූරු ගසනවා වැනි වැඩක් බවත් විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න අද (09) පැවසුවේය.

ඒ්  අද (09) මහරගම ජාතික තරුණසේවා සභා ශ්‍රවනාගාරයේ පැවති  ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුව අමතමිනි. මෙම සමුළුවට සහභාගී වෙමින්  හිටපු කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වූ ශානි අබේසේකර ද ජාතික ජන බලවේගයේ විශ්‍රාමිත පොලිස් සාමුහිකය සමග  එක් වී සිටියේය.

ශානිත් වේදිකාවේ….

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන බාරව සිටි එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර තවත් සංවේදී විමර්ශන ගණනාවක් සිදුකළ බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කීත් නොයාර්ට පහරදීම, පුද්ගලයින් 11දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම වැනි පරීක්ෂණ මෙම කීර්තිමත් නිලධාරියාගේ අධීක්ෂණ්ය යටතේ සිදුවූ බවත් විස්තර කළ රවී සෙනවිතරත්න ඔහු අවංකව සහ නිර්භීතව සිය රාජකාරි කළ නිසාම පළි ගැනීමට ලක් කළ ආකාරය විස්තර කළේය..

2019 නව රජය පත්වුණු වහාම තනතුරෙන් පහළ වෙනත් පහළ තනතුරකට පත්කරමින් ශානි අබේසේකර මාරු කර යැව්වේ අගමැති, කැබිනට් ඇමතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම පෙර බව කී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු යටතේ සේවය කළ අපරාධ විමර්ශකයින් නිලධාරීන් 700ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා නොමැතිව රටෙන් පිටවීම තහනම් කළ බව පැවසුවේය. පාස්කු ප්‍රහාරය ගැන සංවේදීම විමර්ශන සියල්ල කළේ මෙම අපරාධ විමර්ශකයන් බව රවී සෙනවිතරන් පැහැදිළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරී සාමුහිකයේ ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න මෙසේ ද පැවසුවේය.

ජනතාව ආරක්ෂා කරන පොලීසියක් පිහිට විය යුතුයි. මේ ක්‍රියාදාමය අද පොලීසියෙන් සිදුවෙනවාද?

එයට පිළිතුරක් නොදී මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ගැන මම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. නඩු අංක 505/2019 තීන්දුවට පාදක වුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු සොයාගෙන ඉමදූව ප්‍රදේශයට ගොස් ඒ සැකකරු නොසිටි නිසා ඔහුගේ බිරිඳත්, මාස කිහිපයක ළදරුවාත්, බිරිඳගේ අම්මාත් රැගෙන ඇවිත් පැය 12කට අධික කාලයක් රඳවා තබා ගැනීමයි. ඔහුන්ගෙන් ප්‍රශ්න කරමින් මානසික පීඩාවන්ට ලක්කරමින් ප්‍රකාශ ලබාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් ලෙසයි. මේ අය රැගෙන ආ නිලධාරීන්ගේ ප්‍රධානියා කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් නොවෙයි, ඒ අය කැමැත්තෙන් ආ බවයි. පැහැර ගැනීමක් කරනවා නම්, එය කරන හැටි දන්නා බවත්, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඒ නිලධාරියා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තදබල විවේචනය එල්ල කළා.

මේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරමින් ඒ නිලධාරී “රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස” ක්‍රියාකර ඇති බව ප්‍රකාශ කර තිබුණා. මහජනතාව පොලීසියට බලය දී තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ඒ බලය ක්‍රියාත්මක කරන්නද? එවැනි සිදුවීම් බොහොමයක් ගැන කතා තිබෙනවා.

රවී සෙනවිරත්න සහ අනුර කුමාර දිසානායක…

තරුණයන් කණ්ඩායමක් ගෝල්ෆේස් පිටියේ 2022 අප්‍රේල් මාසයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජන කණ්ඩායමක් ඒ තරුණ පිරිසට පහර දුන්නා. මහජනතාව මෙවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියදී පහරදීමත් සමග මුළු රටම ගිනිගත්තා. මහජනතාව තමන්ගේ බලය තමන්ගේ අතට ගත්තා. තත්වය සමනය වෙන්න දින දෙකක් පමණ ගියා. පොලීසියේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා, එවැනි තත්වයක් ඇති වුණා. අධිකරණයේ නඩුවක් තිබෙන නිසා මා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රතිඵලය වුණේ අගමැතිට සහ ඇමතිවරුන්ට සහ රජයට ඉල්ලා අස්වීමට සිදුවී අලුත් කණ්ඩායමක් බලයට පත්වීමයි. අන්තිමේදී ජනාධිපතිවරයාට රටෙන් පලා යාමට පවා සිදුවුණා. පොලිස් නිලධාරීන්ට පවරා තිබූ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ නිසා එවැනි තත්වයක් ඇති වුණා.මේ කිවූ උදාහරණ දෙකේදීම වගකිවයුතු නිලධාරීන් තාමත් තනතුරු දරමින් රාජකාරි කරනවා. නීතිගරුක සමාජයක වෙන්න ඕනෑ මේකද? අධිකරණයෙන් වරදකරුවෙකු බවට තීන්දු කළ පුද්ගලයෙකු ඒ තනතුරේ තවමත් ඉන්නවා නම් මේ රටේ නීතියේ ආධිපත්‍යය මොකක්ද? මළමිනියක් ගෙදර තියාගෙන බූරුවා ගහනවාට වැඩි දෙයක් මෙතන නැහැ.

2015 ජනවාරි 08වැනිදා ජනාධිපතිවරණය පවත්වා පසුදින අලුයම ප්‍රතිඵල නිකුත් කරමින් තිබෙන අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට ගෙන්වා තිබුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර, රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර, හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කළා. එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මා පළාත් නවයේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හට කතා කොට ආරක්ෂක තත්වය ගැන විමසා සිටියා. කිසිම නීතිය කඩවීමක්, සිදුනොවී සාමකාමීව තිබුණු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර, හදිසි නීතිය පැනවීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, අලුත් ජනාධිපතිවරයෙක් තේරී පත්වුණා. ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්නම් මේ රට අරාජික වී ලේ වැගිරීම් ඇතිවෙන්න ඉඩ තිබුණා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියෙදී හදිසි නීතිය පනවා වෙනත් ක්‍රියාමාර්ගයකට ගියා නම්, ලෝකයා ඉදිරියේ අපවාදයකට ලක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ලොකු පැසසුමක් සමාජයෙන් ලැබුණා.

නිවැරදිව, ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක් නොවෙයි, නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න යාමේදී අයහපත් දේවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව එක උදාහරණයක් මම කියන්නම්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහොමයක් කරුණු මම කතාකර තිබෙනවා. එතන කුමන්ත්‍රණයක් තිබුණු බව පැහැදිලියි. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු කෙරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන බාරව සිටියේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහත්මයා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සංවේදී විමර්ශන ගණනාවක් වන, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කීත් නොයාර්ට පහරදීම, ශිෂ්‍යයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම වැනි පරීක්ෂණ ගණනාවක් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකළා. අවංකව, ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහුව පලිගැනීමට ලක්වුණා. 2019 අලුත් ආණ්ඩුව පත්වුණු වහාම තනතුරෙන් පහළ වෙනත් තනතුරකට පත්කළා. අගමැති, කැබිනට් ඇමතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම පෙර ශානි අබේසේකර මාරුකර හැර ඔහු යටතේ සේවය කළ නිලධාරීන් 700ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා නොමැතිව රටෙන් පිටවීම තහනම් කළා. ඒ නිලධාරීන් 700ම අපරාධ විමර්ශකයන්.

ශානි අබේසේකරව හඹා යාම එතනින් නතර වුණේ නැහැ. වැඩ තහනම් කර, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර, මාස 11ක් හිරගෙයි රඳවා සිටියා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව අභියාචනාධිකරණය ඉදිරියේ ඔප්පු වුණා. ඔහුගේ විශ්‍රාම වැටුප ලබාදුන්නෙත් නැහැ. නමුත් මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් ශානි අබේසේකර පිටුපස සිට ඔහුගේ සියලු කටයුතු සොයා බැලූ බවයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාජ් කොරයා වගේම මියගිය ගෞරී සංඝරාසා මැතිනිය, ශාන්ත ජයවර්ධන, චමින්ද අතුකොර්ල ආදී නීතිඥ මහත්වරුන් නොමිලයේ ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටියා.

විශ්‍රාම වැටුප නොගෙවා සිටීම සම්බන්ධයෙන් පැමිණිලි කළ අවස්ථාවේ පොලිස් කොමිෂන් සභාව එතනට ගෙන්වුවා. නමුත් ස්වාධීන පොලිස් කොමිසම එහිදී ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් විමසා පිළිතුරක් ලබාගෙන බවයි. ස්වාධීන කොමිසමක් අමාත්‍යාංශ ලේකම්ගෙන් අහන්නේ ඇයි දැයි එහිදී ප්‍රශ්න කෙරුණා. විශ්‍රාම වැටුපේ හිඟ මුදල් ලබාගත්තේ ඒ ආකාරයටයි. පොලීසිය ස්වාධීන කිරීමට පිහිටුවා තිබෙන පොලිස් කොමිසම කොතෙක් දුරට ස්වාධිනද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අධිකරණ තීන්දුවලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළා. විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා පත්‍ර පිළිගත් කටාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කළා. පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු වන ඔවුන් දෙදෙනාට පමණයි දඬුවම් දී තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි කියන සංකල්පය මේකද?

අපි මේ එකතු වී සිටින්නේ මේ දේවල් නිවැරදි කරන්න. කරන දේ පිළිබඳ සැලසුමකුත් ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන කණ්ඩායමකුත් අපට සිටින්න ඕනෑ. දූෂණ, වංචා පිළිබඳ අපි ආරම්භ කළ පරීක්ෂණ සියල්ල ඇනහිට තිබෙන අතර සමහර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අතර විමර්ශන නිලධාරීයා හිරේට යවන තත්වයක් තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය අද තිබෙන්නේ එතන. අපි වෙනස් කළ යුත්තේ එයයි. එය වෙනස් කිරීම වෙනුවෙනුයි ජාතික ජන බලවේගය සමග අපි එකතු වූයේ. ඒ කටයුත්ත ඉතා ඉක්මනින් කළ හැකිවේවි යැයි දැඩි විශ්වාසයක් සහ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. සොච්චම් විශ්‍රාම වැටපක් ලබාගන්නා අතර, අයහපත් කාලගුණය පවා නොතකා, ඊයේ රෑ 12ටත් පෙර ඈත ප්‍රදේශවල සිට පිටත්වී පැමිණි ඔබ සියලු දෙනා විශාල ශක්තියක්.

අද ආරම්භ කළ මේ ව්‍යාපාරය අපි ඉදිරියටම ගෙන යනවා. පොලීසියේ රාජකාරි කරන ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකුත් රාත්‍රියේ මට කතා කොට, මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ප්‍රකාශ කළා. ඒ වෙනස සිදුකිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එඬේරමුල්ල දුම්රිය මරු කපොල්ලේ අද තවත් අනතුරක්… දුම්රිය ලොක්කන්ගේ විලි ලජ්ජා නැති හැසිරීම ප්‍රදේශවාසීහු හෙළි කරති!

Next Post

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලෙස රැස්කළ අඩුම ලකුණු ගණනට ඉන්දියාව දැවී යයි… පකිස්ථානයට ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.