අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුත්තලම් බූරුවන්ගෙන් ලෝකයේ මිල අධිකම  සුඛොපභොගී ආහාරයක්වන බූරු චීස් හදන සැලසුමක්… පේරාදෙණිය සරසවිය වැඩ අරඹයි!

by editor
ජූනි 18, 2024
in පුවත්
පේරාදෙණිය සරසවියට පැමිණි පුත්තලම් බූරුවන්...

පේරාදෙණිය සරසවියට පැමිණි පුත්තලම් බූරුවන්...

Share on FacebookShare on Twitter

සංවාද සටහන – ශ්‍රියානි විජේසිංහ –

  • ක්ලියෝ පැට්‍රාත් ලස්සන වෙන්න බූරු කිරි පාවිච්චි කරලා… හමේ රැළි යන ආලේපනයක් බූරු කිරි වැඩි දියුණු කර හදන්න පේරාදෙණිය පර්යේකෂයන් සූදානමින්….

  • බූරු කිරිවල සංයුතිය මව්කිරිවල සංයුතියට බෙහෙවින්ම සමානයි… මිනිසුන්ට වැදගත් පෝෂණ පදාර්ථ ගොඩක් බූරු කිරිවල

  • ‘එක්සිමා’ හෙවත් චර්ම රෝග ප්‍රදාහයට බූරු කිරිවලින් කදිම ඖෂධයක්…

පුත්තලමේ බූරුවන්ගේ ඉතිහාසය යුරෝපීය යටත් විජිත වකවානුව තෙක් දිවෙන්නේය. බටහිර යටත්විජිත යුගයේ පුත්තලම ලුණු කර්මාන්තයේ නියැළුණු විදේශිකයන් විසින් ලුණු ප්‍රවාහන කටයුතු සඳහා බූරුවන් ලංකාවට ගෙනැවිත් තිබිණි.

බර අදින්නට ගෙනා බූරුවන්ට ජොබ් එක අහිමි වීමේ ඉතිහාසයත් යටත් විජිත යුගය තරම්ම පැරණිය.  ලන්දේසි යුගයේදී හැමිල්ටන් ඇළ ප්‍රවාහන කටයුතු සඳහා සංවර්ධනය කිරීමත් සමඟ ප්‍රවාහන කටයුතුවලදී බූරුවන්ගේ තිබූ වැදගත්කම හීන විය. එහි ප්‍රතිඵලයක් ලෙස අස්වාමියෙක් බූරුවන් අයාලේ හැදුනේය. දැන් මේ රස්තියාදුකාර බූරුවන්ට අයිතිකරුවෙක් නැත.   පුත්තලම බූරුවෝ දැන් කල්පිටිය අර්ධද්වීපයේ තැනින් තැන සුදුසු වාසස්ථානයක් නොමැතිව ආහාර හිඟයකට මුහුණ දෙමින් යන්තම් දිවි ගැට ගසා ගනිති. ඒ වගේම මේ බූරු ගහණය සීඝ්‍ර වඳවීමකට ලක් වෙමින් ද තිබේ. මේ වනවිට පුත්තලමේ බූරුවන් දෙතුන් සීයක්වත් ඉතිරි වී ඇතිදැයි සැකයකි.

රස්තියාදුකාර පුත්තලම් බූරුවෝ…

අයාගේ යන කාටවත් වැඩක් නැති රස්තියාදුකාර බූරුවන් ගැන මේ සහටන තබන්නේ ඉදිරියේ දී ආර්ථිකය අතින් බලන විට හරකාට වඩා බූරුවා ලොකු වීමේ සම්භාවිතාවක් සහිත ව්‍යාපෘතියක් පිළිබඳව කෙරෙන වැදගත් හෙළිදරව්වක් සමගය. ඒ ලෝකයේ අතිශය සුඛෝපභෝගී සහ මිල අධික ආහාරයක්වන බූරු කිරි වලින් බූරු චීස් නිශ්පාදන ව්‍යාපෘතික් ආරම්භ කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය අතිශය ඵලදායී පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති  බැවිනි.

මේ ව්‍යාපාතිය  බූරු චීස් වලට සීමා වන්නේ නැත. බූරු කිරි රූපලාවන්‍ය කටයටතු සඳහා මෙන්ම ඖෂධ නිශ්පාදනය සඳහා ද යොදා ගන්න වටිනා අමුද්‍රව්‍යයකි.  ‘එක්සිමා’ හෙවත් චර්ම රෝග ප්‍රදාහය සහිත රෝගීන්ට වැඩි දියුණු කළ  ඖෂධයක් ලෙස බූරු කිරි යොදා ගැනීම සිදු කළ හැකිය . එය බූරු කිරි පුළුල්ව නිශ්පාදනය ව්‍යාපෘතියේ අරමුණකි.

එමෙන්ම මුහුණ රැළි වැටීම නතර කිරීම සඳහා භාවිත කළ හැකි   ආලේපනයක් ලෙසත් බූරු කිරි යොදාගනිමින් නව  නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය පර්යේෂණ කණ්ඩායම  බලාපොරොත්තු වන බව පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල  ලංකාසර ට පැවසුවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Ashoka-Dangolla
මහාචාර්ය අශෝක දංගොල්ල…

මන්නාරම් ප්‍රදේශයේ වෙසෙන බූරු යුවල් තුනක් හා පැටවෙකු පේරාදෙණිය  පශුවෛද්‍ය අංශයට මේ වනවිට ගෙනවිත් තිබේ. එම සතුන් නඩත්තු කරමින්  බූරු දෙන්නුන්ගෙන් බුරු කිර  දොවාගෙන       අදාල පර්යේෂණයන් දැන් ආරම්භ කර  ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

බූරු කිරිවලින් නිපදවන චිස් මිල අධික ඒවා බැවින් එය සාර්ථක වුවහොත් රටට විදේශ විනිමය උපයා ගත හැකි කදිම අවස්ථාවක් උදාවන බව මහාචාර්යවරයාගේ අදහසය.    චීස් නිෂ්පාදනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවුවද ආරම්භ කළ වැඩ සටහනට කොතරම් බාධක පැමිණියත් ඉදිරියට ගෙන යන බවද හෙතෙම කීය.

මිනිසුන්ගේ ආතතිය විශාල වශයෙන් මෙම කාලය තුලදී  වැඩිවෙමින් පවතින බැවින්  එක්සීමා රෝගයට ගොදුරුවන පිරිසද ඉහළ යන බව චර්ම රෝග විශේෂඥවරුන් පෙන්වා දි ඇතැයිද  පවසා සිටින මහාචාර්ය දංගොල්ල   එම රෝගීන්ට  ලබා දෙන ඖෂධ සඳහා රජය මේ වන විට විශාල මුදලක් වැය කරන බවත් බූරු කිරි වැඩිදියුණු කර සාදා ගන්නා ඖෂධීය පානය මගින් එම රෝගයට සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකි වුවහොත්  එය රට ලබන විශාල ආර්ථික වාසියක් බවත් පෙන්වා දෙයි.

ලොව ප්‍රකට ක්ලියෝපැට්රා පවා තම රූසපුව රැකගැනීම සඳහා බූරු කිරි භාවිත කර ඇති බවට ඉතිහාසයේ සඳහන්වන්නේ යැයි මහාචාර්යවරයා කියයි.  විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුුහුණේ පැහැපත් බව වැඩිකිරිම සඳහා බූරු කිරි මගින්  නිෂ්පාදනය කළ හැකි  නවතම ආලේපනයන් සකස් කිරිම සඳහාද අවශ්‍ය  ආරම්භ කළ බව මහචාර්ය දංගොල්ල හෙළිදරව්  කරයි.

මෙම නවතම පර්යේෂණය සම්බන්ධයෙන් මහාචාර්ය දංගොල්ල  ලංකාසර වෙත සිය අදහස් පල කරමින් මේසේ පැවසුවේය.

“ බූරු කිරි මව්කිරිවල ගුණාත්මකභාවයි ඉතාමත් කිටු සබඳතාවක් තියෙනවා කියලා පර්යේෂණයන් මගින් තහවුරු කරගෙන තියෙනවා. අපි මේ වන විට බූරු කිරි රසායනාගාර පරික්ෂණයන්  සඳහා  යොමු කරලා එහි සංඝටක හඳුනාගනිමින් සිටිනවා.  මේක ඉතා භාරදූර්ය කාර්යයක් . පශු වෛද්‍ය අංශයට තනිවම මේ වැඩේ කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දරුවන්ගේ සහයෝගය ඇතිව බූරුවන්ගේ ඉතිහාසට මුලින්ම සොයා බැලුවා. එහිදී අරාබියෙන් බූරුවා සහ ඔටුවා යන සතුන් දෙදෙනාම මෙරට ගෙනැවිත් ඇති බවත් ඔවුන් ආහාරයට ගන්නා ගස් පවා තවමත් ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙන බවත් සොයා ගත්තා.  ඔවුන්ගේ චර්යාත්මක හැසිරීම, කනබොන අන්දම, කෑමට ප්‍රිය කරන දේවල්,  බූරුවා මේ රටට ගෙනාවේ කවුද,  උන් මුලින්ම ජිවත් වුනේ කොයි ප්‍රදේශවලද  යනාදි සියලුම  දේවල් පිලිබඳව තොරතුරු රැස්කර ගත්තා.

ඉන් අනතුරුව බූරුවන් පශු වෛද්‍ය අංශයට ගෙනැල්ලා කිරි දොවලා ඒ කිරි දැන් රසායානගාර පර්යේෂණයට යවලා තියෙනවා. ඒ පර්යේෂණයන් කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  විද්‍යා පීඨය  තුළයි.

පශු වෛද්‍ය පීඨයට ගෙනැල්ලා තියෙන බූරුවන්ගේ චර්යාත්ම හැසිරිම අපි දැන් නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. ඔවුන් දිනකට ආහාරය සඳහා ගන්නේ   තණකොල කිලෝ 5ක පමණ ප්‍රමාණයක්. ඒ නිසා කිරි ගත හැක්කේ ඉතා සුලු ප්‍රමාණයක්. කිරි දොවන්න ඉතාමත් අපහසුයි. මොකද ඒ සතා පිටුපස ගාත්‍ දෙකෙන්ම එක වර පහර දෙනවා. නමුත් අපි කිරි දොවනවා. ගැහැණු සතුන්  වසරකට කී වරක් ගැබ් ගන්නවාද, පැටියා කොපමණ කාලයක් ගැබේ දරාගෙන සිටිනවාද, කිරි කොපමණ කාලයක් තියෙනවාද ආයු කාලය කොපමණද, බර කොපමණ ප්‍රමාණයක් වැඩිවෙනවාද යනාදී සියලුම විස්තරයන් අපි දැන් අධ්‍යනය කිරිමට පටන් ගෙන තියෙනවා.

මේ කාර්යයට කලා, විද්‍යා සහ වෛද්‍ය පීඨයන් තුනම පශු වෛද්‍යපීඨයට සහයෝගය දක්වනවා. නමුත් අපිට ප්‍රතිපාදන නැහැ. රජයෙන් දෙන ප්‍රමාණයත් රටේ තිබෙන ආර්ථික වාතාවරණය තුළ  අඩුකරලා තියනවා. ඒත් අපි මේ අභියෝගය කොහොම හරි භාරගෙන ඉදිරියට කරගෙන යනවා. ඒක තමයි අපි හැමෝගේම ඉලක්කය.

අනික් කාරණය තමයි බූරු චීස් කියන්නේ ඉතාමත් මිල අධික ආහාරයක්. බූරු කිරිවලින් චීස් හදන්න ඉතාමත් අපහසුයි. ඒත් නිෂ්පාදනය කළොත් ඉතාමත්  මිල අධික සුඛෝපභෝගි ආහාරයක්. “

මුලින් වනජිවි දෙපාර්තමේන්තුවට අයිතිය පැවතුනත් අද වන විට බූරුවාගේ සැබෑ අයිතිකරුවෙකු නොමැති බවත් එම සතාට වර්තමානයේ වගකියනු ලබන්නේ  නගරසභාව බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා මන්නාරම් ප්‍රදේශයේ බූරුවන් යනු අයාලේ යන සත්ත්ව කොට්ඨාසයක් බව මහාචාර්යවරයා කීවේය.

කෙසේ නමුත් රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මන්නාරම ප්‍ර දේශයේ බූරුවන්ට රැකවරණය සැලසීමට වසර ගණනාවක සිට ඉදිරිපත් වී සිටීමද සතුටට කරුණක් වී ඇතැයිද හෙතෙම කීය.

බූරුවා කෑ ගසන විට පොල්කුරුමිණියාගේ කන්අඩි පැලී මැරී වැටෙන බවට මිනිසුන් අතර විශ්වාසයක් ඇත.   පොල් පර්යේෂණ ආයතනය ආරම්භ කරන විට මේ පිලිබඳව සාකච්ඡා කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයක් මේ දක්වා පවත්වා නොමැති බව ද මහාචාර්ය දංගොල්ල පවසා සිටියි.

කෙසේ නමුත් මෙම පර්යේෂණය පිලිබඳවද තමාගේ අවදානය යොමුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අයාලේ යන බූරුවා ආර්ථික සම්පතක් කරගත හැකි ආකාරය සම්බන්ධ ප්‍රවේශයක් දැන් නිර්මාණය වී තිබේ.  එය පුත්තලමේ බූරුවන් සම්බන්ධව අපට ඇසෙන ඉතාම යහපත් කථාවකි. අයාලේ යන කොයි බූරුවාත් ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීම වගකිමක් වී ඇති රටක පේරාදෙණියෙන් ආරම්භ වුන මෙම ව්‍යාපෘතිය දකිම ආදර්ශයක් වනු ඇති බව අපගේ විශ්වාසය ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ දී මිය ගිය බවට ලිඛිතව සහතික කළ ශ්‍රී ලාංකික තරුණයෙක් වෙනත් කඳවුරකින් හමුවෙලා…

Next Post

කෝටි එක් ලක්ෂ විසි දහසක බදු පොලු තැබූවන්ගෙන් බදු අය නොකර රටේ බදු සුනාමියක් ඇති කරන්නේ ඇයි?. විපක්ෂ නායකවරයා ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි.

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.