ශ්‍රියානි විජේසිංහ –
රෝගීන්ගේ පාර්ශවයේ සිට අධිකාරී බලයට එරෙහිව ආන්දෝලනාත්මක ගැටුම් ඇති කරගත් ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා දෙසැම්බර් 1 වදා සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබිණි. ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරික්ෂණයක් කිරිමට තීරණය කර එම පරික්ෂණය පැවැත්වෙන තෙක් විශේෂඥවරයා මහරගම පිලිකා රෝහල වෙත මාරු කර හැරිමට හිටපු සෞඛ්‍ය ලේකම්වරයා පියවර ගන්නා ලදි.
ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් අධ්යක්ෂවරයා විසින් නිකුත් කළ ලිපියකට අනුව විශේෂඥ වෛද්‍යවරයාව මහරගම පිලිකා රෝහල වෙත මුදා හැර ඇති බව සඳහන් විය. මහරගම පිළිකා රෝහලේ රෝහල් අධ්යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යවමින් තවමත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සිය රෝහලට වාර්තා කර නොමැති බව දැන්වීමත් සමග වෛද්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ කෙසේ නමුත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත එම ලියුම පිළිනොගත් අතර මේ වනතෙක් මහරගම පිළිකා රෝහලට රාජකාරිය සඳහා වාර්තා කර නොතිබිණි.
රෝහල් පරිපාලනය සමග ගැටුම් ඇති කරගනු ලැබුව ද රෝගීන් විෂයෙහි දැඩි කැපකිරීම් සහිත සේවා ඉතිහාසයක් ඇති විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙසේ අවසානයේ දී සිය සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත.







