දිනසේන රතුගමගේ –
යාපනයේ ඉපිද එහි හැදී වැඩී ජීවත් වී මැලේසියාවට ගොස් කෝටිපතියෙකු වූ ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන් ඊයේ ( 28 ) මැලේසියාවේදී මියගොස් තිබේ.
මියයන විට 89 වියේ පසු වූ ඔහුගේ මරණය ස්වභාවික මරණයක් බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කොට ඇත. ඔහුගේ බිරිද Momwajarongse Suprintha Chakrapan තායි රාජකීය පවුලේ සාමාජිකාවකි.
කෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන් මැලේසියාවේ ප්‍රධාන සමාගම් කීපයක ප්රධානියාය. මැලේසියාවේ දෙවන විශාලතම දුරකථන සමාගම වන Maxis Bhd ඔහු සතුය. ඔහුගේ කොටස් ශ්‍රී ලංකා ටෙලිකොම් හි ද ඇත.
2011 දී ඔහු Forbes සඟරාවේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 5.8 ක් ලෙස ගණන් බලා ඇත.
ආනන්ද ක්රිෂ්ණන්ගේ පුත් අජාන් සිරිපන්යෝ සිය ඩොලර් බිලියන 5 වත්කම් අතහැර පැවිදි දිවියට එළැඹී සිටියි.
ඔහු වසර 20කට අධික කාලයක් තායිලන්ත – මියන්මාර දේශසීමාවේ ආරණ්‍ය සේනාසනයක ජීවත් වෙයි.







