සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍යවරයෙක් නෑ… කරාපිටිය ළමා පිළිකා වාට්ටුව විවෘත නොකරම වසා දමලා…

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ ළමා වාට්ටුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මීට වසර එකහමාරකට පමණ පෙර මෙම ළමා වාට්ටුවේ ඉදිකිරීම් සම්පූර්ණ කර තිබූ අතර එය විවෘත නොකරම වසා දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ වන විටත් වාට්ටුවේ ප්‍රතිකාර සදහා ළමා පිළිකා රෝගීන් 250 ක් ලියාපදිංචි වී සිටි බවද ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කරාපිටිය රෝහලේ මෙම වාට්ටුව ඉදිකර ඇත්තේ එකවර රෝගී දරුවන් දසදෙනකුට අංග සම්පූර්ණ ආකාරයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන පරිද්දෙනි. මෙම වාට්ටුව ‘කිමෝතෙරපි’ සහ ‘රේඩියෝ තෙරපි’ යන නවීන ප්‍රතිකාර පහසුකම්වලින්ද සමන්විතව ඉදිකර තිබේ. වාට්ටුව විවෘත කිරීමට කටයුතු නොකිරීමෙන් මෙම වටිනා උපකරණද විනාශ වී යන තත්ත්වයක් උදා වී ඇති බව ගාල්ල, කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මහරගම අපේක්ෂා රෝහලේ හැරුණු විට ළමා පිළිකා රෝගීන් සදහා වාට්ටුවක් ඉදිකර ඇත්තේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. දකුණු පළාත හැරුණ විට බදුල්ල, වැල්ලවාය, ඇල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක වලද රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර සදහා පැමිණෙන්නේද කරාපිටිය රෝහලටය. මොවුන් අතර සිටින ළමා පිළිකා රෝගීන්ට මහරගම අපේක්ෂා රෝහලට යෑමට සිදුවීම එම දරුවන්ගේ දෙමාපියන් මෙන්ම රෝගී දරුවන්ද දැඩි අපහසුතාවයකට සහ අවදානමකට ලක්කර තිබේ.

මෙම වාට්ටුවට ළමා පිළිකා පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්, ජේ‍ෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙක්,  පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් සහ කනිෂ්ඨ සේවකයන් දෙදෙනකුගෙන් ද යුත් කාර්ය මණ්ඩලයක්ද ඇතුලත් කිරිමට නිරිදේශ කර තිබූ බවද කරාපිටිය රෝහල කියයි. එයට අමතරව ශ්‍රී  ලංකා පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාව, මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා පිටතින් ඖෂධ ලබාදීමටද දිනපතාම ආහාරපාන හා දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසික දීමානවක් ලබාදීමටද සැලසුම්කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය ගාල්ල, කරාපිටිය රෝහලෙන් විමසීමක්ද කර තිබේ. පිළිකා සංගමයේ ගාල්ල, කරාපිටිය ශාඛාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලංකාවටම සිටින්නේ පිළිකා රෝගී විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙක් පමණක් බැවින් මෙම වාට්ටුව විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නවීන පහසුකම් වලින්ද සමන්විත මෙම ළමා පිළිකා වාට්ටුව විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දකුණු පළාත ප්‍රමුඛ තදාසන්න ප්‍රදේශවල පිළිකා රෝගී දරුවන්ගේ දෙමාපියන් සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් කෝටි 06ක් වටිනා හෙරොයින් කිලෝ තුනක් අත්අඩංගුවට…

Next Post

බඩුමිල වැඩියි… මටත් ජීවිතේ අමාරුයි… කෘෂිකර්ම ඇමති සූරියවැව ගැබිණි අම්මලාට කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.