සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්‍රාම වැටුප කොල්ලකෑමේ කූට උපක්‍රමයක් සජිත් හෙළිදරව් කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

රටේ අහිංසක විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශ්‍රාමිකයන්ගේ මුදල් අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස මුදල් කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ්‍රාමික ප්‍රජාව ගෙන් කැමැත්ත අකමැත්ත විමසා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකාන්ත වශයෙන්ම එම මුදල් කපා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.

ආණ්ඩුව පැමිනි විගසම ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත් ආණ්ඩුව ඒ සිදුවුනු පාඩුව පියවා ගන්නට හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බවද පැවසීය.

අද(06) පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මේ බව පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අග්‍රහාර රක්ෂණය ශක්තිමත් කිරීමේ නාමයෙන් ක්‍රමෝපායික ලෙස මේ රටේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති කූඨ සහ නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගය පිළිබඳව සිය දැඩි පිළිකුල පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා,2016/01/1ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්,වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලුත්ම චක්‍රලේඛය ඔක්තෝම්බර් 29 වෙනිදා නිකුත්කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පැවසීය.

විශ්‍රාමික ජනතාව මේ චක්‍රලේඛය කියවා බලා සති දෙකක් ඇතුළත අදාල මුදල් ලබා ගැනීමට තමන් විරුද්ධ බව දන්වා සිටිය යුතු බවට මේ චක්‍රලේඛයේ සඳහන්ව ඇති අතර අපේ රටේ සිටින විශ්‍රාමිකයින්ගෙන් කීයෙන් කී දෙනෙකු මේ චක්‍රලේඛ කියවන්නේ දැයි තමා විමසා සිටින බවද පැවසීය.මෙය, ආණ්ඩුව විසින් සිදු කරනු ලබන කූඨ නිර්ලජ්ජිත කොල්ලකෑමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ජීවිතයේ සැඳෑ සමය ගත කරන විශ්‍රාමිකයින්ගෙන් පළිගන්නට තරම් ආණ්ඩුව සැහැසි වී ඇතැයි ද පැවැසීය.

මොළ හතේ මුදල් ඇමතිවරයෙකු පත්කර ගත්තේ මේ අන්දමට රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑමට නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මුදල් කප්පාදුවට විරෝධය පළ කිරීමට අදාල දෙසතිය තුළ විශ්‍රාමිකයාට හැකියාවක් නොලැබුණහොත් ආපසු හැරවිය නොහැකි ලෙස එම මුදල් කප්පාදුව සිදු කරන්නට ආණ්ඩුව තීරණය කොට ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කටයුත්තට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග සමගි ජන බලවේගය හැටියට තමන් ගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා මේ රටේ විශ්‍රාමිකයින්ගේ වරප්‍රසාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට යෑමට ද තමන් පසුබට නොවන බව පැවසීය .

නැදිගම්විල නවෝදා ප්‍රජා ජල ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතුවලට ද විපක්ෂ නායකවරයා එක් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගරදගුරු හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යති!

Next Post

සංස්කෘතියෙ වැරදි කොණින් අල්ලගන්නෙ නැතිව ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි! පොහොට්ටු මන්ත්‍රිණී කෝකිලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.