සුමිත් පොතුපිටිය –
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ ජාවාරමක් පවත්වාගෙන ගිය යුධහමුදා විශ්‍රාමික කර්නල් වරයෙකුගේ පුත්‍රයෙකු රුපියල් 5000 ක හොර මුදල් නෝට්ටු 30 ක් සහ එක් පැත්තක් මුද්‍රණය කළ නෝට්ටු 10 ක් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය හෙළි කරයි.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම එගොඩඋයන වටරවුම ආසන්නයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සොයාගෙන සැකකරු ගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් මුදල් නෝට්ටු 20 ක්, එක් පැත්තක් මුද්‍රණය කල නෝට්ටු 10 ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් තීන්ත බෝතල් 2 ක්, කටර් එකක්, අඩිකොදුවක් මුද්‍රණ කඩදාසි 10 ක් ඇතුළු උපකරණද සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල ගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්ඩාර, කොස්තාපල් 102110 එවන්ත, පොකොරි 17072 ඩයස් වැටලීමට එක්වූහ.







