ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම පුවත සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් තහවුරු කර තිබේ.
ෙඑහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවය.
එසේම මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළයුතු බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. – දෙරණ







