අමාත්‍යාංශයක සේවය කඵ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට වට්ස්ඇප් ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ තම ලිංගික අවයව වීඩියෝ ඇමතුම් මඟින් පෙන්වීම සම්බන්ධයෙන් එම නිලධාරිනිය සේවය කළ අමාත්‍යාංශයේම සේවය කරන රියදුරකු වේයන්ගොඩ පොලිසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇත.
61 හැවිරිදි විශ්‍රාමික නිලධාරිනය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකි.
ඇය සේවයේ යෙදී සිටියදී එම පරිපාලන නිලධාරිනියගේ නිල රථයේ රියදුරු ලෙස ඔහු සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
ලිංගික අපයෝජනයක් ලෙස සැලකෙන අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම සහ ප්‍රදර්ශනය කිරීම යන චෝදනාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි







