රෙනෝ ද සිල්වා සම්පත් බැංකුවේ සිය කොටස් ප්‍රමාණය සියයට 8.5ක් ලෙස ඉහළ දමා ගනිමින් සම්පත් බැංකුවේ සිවුවන ප්‍රධාන කොටස් හිමියා බවට පත් වී තිබේ.
ඒ ඔහුට අයත් පැන්ටම් ඉන්වෙස්ට්මන්ට් සමාගම හරහා ඔහු ඊයේ (15) සම්පත් බැංකුවේ කොටස් මිලියන27ක් රුපියල් මිලියන රුපියල් මිලියන 1400කට මිල දී ගැනීමෙනි.
රේනෝ ද සිල්වා පසුගිය මාර්තු මාසයේ රුපියල් බිලයනයක් ආයෝජනය කර සම්පත් බැංකුවේ කොටස් මිලියන 20ක් මිලදී ගෙන එහි පස්වැනි වශාලතම කොටස් හිමියා බවට පත්වූයේය.
ඔහුට පසුගිය මාර්තු මාසය වනවිට සම්පත් බැංකුවේ ඔහුට හිමි කොටස් ප්‍රමාණය මිලියන 5.7ක් විය.
රේනෝ ද සිල්වා ඊයේ සිදුකර ඇති කොටස් ගනුදෙනුවේ දී ඔහුට වැඩි වශයෙන්ම සම්පත් බැංකුවේ කොටස් අලෙවි කර ඇත්තේ වෙළෙඳපලේ ප්‍රකට ආයෝජකයෙක් වන වෛද්‍ය පී.සෙන්ටිල්වේල් බව සඳහන් වේ.
වෙළෙඳපල වාර්තා සඳහන් කරන අන්දමට මේ වනවිට ඔහු සම්පත් බැංකුවේ සිව්වන විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇත.
ඔහු සිවුවන ස්ථානයට පැමිණ ඇත්තේ ප්‍රකට වාහන ව්‍යාපාරයක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හිමිකරු ඉන්ද්‍ර කුමාර ද සිල්වා ඉක්මවා යමිනි.







