සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්ගමුවට ගිය ජනාධිපති “ක්ෂණික පටස් “ ගැටලු විසඳයි… අස්වැසුම ක්‍රියාත්මකවන අයුරුත් සොයා බලයි!

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පැවසීය.

එමෙන්ම “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන්  කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (29) පෙරවරුවේ එක් වෙමිනි.

රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු  ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15 වනදා ආරම්භ වූ අතර  අද (29) වන විට නව  අයදුම්පත් 35,920ක් ලැබී තිබේ. ඒ අතරින් අයදුම්පත් 14,537ක් ප්‍රාදේශීය ලේකම් හරහාද, අයදුම්පත් 21,383ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද ලැබී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අද දිනය වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 4892ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත්4708ක්ද,රත්නපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2,971 ක්ද ලැබී තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2243ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2099ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2017ක්ද ලැබී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1887ක් ලැබී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ වන විට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 1633ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1632ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් පත් 1408ක් ලැබී ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1405ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1289ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1166ක් වශයෙන් ලැබී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අයදුම් පත් සංඛ්‍යාව 981ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 954ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 782ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 687ක්ද ලැබී තිබේ.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 570ක් සහ  යාපනය දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 525ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 472කි. කිලිනොච්චිචි දිස්ත්‍රික්කයෙන් 451ක්ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 421ක්ද, වව්නියා දිස්ත්‍රික්කයෙන් 389ක්ද වශයෙන් නව අයදුම්පත් යොමු කර ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 183ක් හා මන්නාරම දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 155ක්ද ලැබී තිබේ.

පළමු අදියර යටතේ මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණයි.

විල්ගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත  ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් එහි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයතනික අංශය, ගිනුම්කරණ සහ මූල්‍ය අංශය වෙත පැමිණ එම කටයුතු ද නිරීක්ෂණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලොග් සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවකට එක් වූ අතර දිස්ත්‍රික්කය තුළ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී  මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අනතුරුව ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂකයින්  ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටළු බොහොමයකට එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබා දීම විශේෂත්වයකි.

මේ අතර විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා නිලධාරීන්  සමඟ ද ජනාධිපතිවරයා  සුහද පිළිසඳරක යෙදුණු  අතර ඔවුන් මුහුණ දී ගැටලු ජනාධිපතිවරයා වෙත වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කළේය.

එම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට කටයුතු කළේය. දුෂ්කරතා හමුවේ වුවද ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කළ ජනාධිපතිවරයා අස්වැසුම සහ උරුමය වැඩසටහන සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ද ග්‍රාම නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම මෙම අවස්ථාවේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාව ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට පියවර ගත්තේය. එමෙන්ම අනෙකුත් ගැටලු සොයා බලා කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිපා කරුණා කරන්න යන බැතිමතුන්ට වෛද්‍ය උපදෙස් කීපයක්!

Next Post

පෑවිල්ල බිත්තර මිලටත් බලපාලා… රස්නෙ වැඩි නිසා කිකිළියො බිත්තර දානවා හොරයි ලු!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.