සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියරු වෙන්න එපා… අධිවේගී ගැහිල්ල හෙළි කළේ සියලු සාධක එක්ක… වසන්ත ජොන්ස්ටන්ට කියයි!

හිරේ ඉන්න ඕන උන් කැබිනට් එකේ ඉන්නකොට වෙන දේ ගැන වසන්ත සමරසිංහ කියන කතාව...

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Wasantha Samarasinghe
Share on FacebookShare on Twitter

මධ්‍යම අධිවේගී මාර්ගයේ  රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝ මීටර විස්ස ඉදිකිරීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීමේ දී සිදුකිරීමට යන කෝටි 16 440ක වංචාව පිළිබඳ රටට හෙළිදරව් කළේ සියලුම ලිඛිත සාධක සහිතව බවත්  තමන් විසින් කළ හෙළිදරව්වේ සියලුම වගකීම් තමන් විසින් දරනා බවද දූෂණ විරෝධී හඬ සංවිධාන‍යේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

කිසිම පදනමක් නැති අතාර්කික ගොං කතා නොකියා තමන් ඉදිරිපත් කළ කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන කතා කරන ලෙස පවසන දූෂණ විරෝධී හඬ සංවිධානය තමන්ගේ අදූෂිත බවගැන සහතික වීමට පෙර   වසර හතක් තිස්සේ ඇසෙමින්   ඇති   වයඹ ස්කාරයේ කෝටි 244ක  රජයේ බදු වංචා  කිරීමේ නඩුව ඉවර කරගෙන පැමිණෙන ලෙස ද මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට දන්වා සිටී.

හිරගෙවල්වල  සිටිය යුතු පුද්ගලයින් කැබිනට් මණ්ඩලයේ සිටින විට මෙවැනි සිදුවීම් අරුමයක් නොවන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ගලගෙදර සිට රඹුක්කන තෙක් දිවෙන මාර්ගයේ   උක්ත  කිලෝ මීටර 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ සිට සිදුවූ සියලු තොරතුරු තමන් ලඟ ඇති බවත්, ඉතාම සැලසුම් සහගතව කරන්නට ගිය මෙම කොල්ලය සම්බන්ධ  හෙළි කළ  කිසිම කාරණාවක් බොරු නොවන බවත්,   මේ  ගනුදෙනුව  හරහා  රටට අහිමි වීමට ගියේ හම්බන්තොට වරාය සහ නෙළුම්කුළුණ ඉදිකිරීමට ගිය වියදම බවත් වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ජොන්සටන් ප්‍රනාන්දුගෙ කලබලය අපට තේරෙනවා. කොවිඩ් අස්සේ භාණ්ඩාගාරයට  දෙන්න ගිය සුද්දය නැවතුනාම ඇතිවුන  වේදනාව මෙය බව අප දන්නවා. දේශීය ව්‍යාපාරිකයන් සිර කරගෙන ඔවුන් පිටින්    මේ කරන්න ගියෙ බරපතල කොල්ලයක්.“

“දේශීය ව්‍යාපාරිකයන්ට අප කියනවා  ඔබ ඔබේ ව්‍යාපාරවල තියන ශක්තියත්  ජනතාව ගැනත් කල්පනා කරලා කොල්ලකාරයො එක්ක ගනුදෙණු කරන එක නවත්වන්න. ඔබේ ව්‍යාපාරයට මේ ගනුදෙනුව ගන්න.“

ගනුදෙනුව සම්බන්ධව ඉදිරිපත්වුන   සියලුම අමාත්‍ය මණ්ඩල සන්දේශ තියනවා. හුවමාරු වුන ලිපි ලේඛණ තියනවා. කැබිනට් තක්සේරු කරන කමිටු වෙනස් කළ හැටි, යළි පත්කළ හැටි ගැන සියලු තොරතුරු තියනවා. සතියෙන් සතිය එකින් එක මේ අපරාධයෙ තොරතුරු අපි හෙළිදරව් කරන්නම්. “

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කීවේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂ කැබිනට් හමුවේ දී ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකිරීමට ජනපතිගෙන් නියෝගයක්…

Next Post

මගී ප්‍රවාහනයත් අවුලක… ඉන්ධන නැති නිසා පුද්ගලික බස් රථවලින් අඩක් නැවතිලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.