.
නිරෝධායනය ගැන කතා කරන විට තමන්ට ගීතයත් මතක් වෙන බවත් ඒ ගීතය මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මේ ගීතය මතක් වෙන්නේ පසුගිය දා සිදුවූ සිදුවීම් කීපයක් නිසා බවත් කී ඔහු “නුඹට සිහිනෙන්වත් නොපෙනුණු බඹරා“ ලෙස එහි පද ප්රකාශ කිරීමට කැමති බවත් කීවේය.
මේ බඹරා ගැන පැමිණිලි රාශියක් ඇති බවත් පොලිස් මූලස්ථානයට රත්තරන් කිලෝ ගණනින් පැළඳ ගෙන ෂර්ට්වල බොත්තම් ඇරගත් පිරිස් දින පතා V8 වර්ගයේ රථවලින් පැමිණ පොලිසියේ එන්නත් ටික ලබා ගන්නා බවට පොලිස් නිලධාරීන් තමන්ට පැමිණිලි කළ බව ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.
මේ ආකාරයෙන් එන්නත් 3000ක් පමණ අවභාවිතා කර ඇතැයි ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නැයි ද මන්ත්රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.