අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමල් වීරවංශ අපභ්‍රෂ්ඨ තකතිරුවෙක්… මහින්ද පතිරණ කියයි

by editor
පෙබරවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මෙන්ම දැඩි බැසිල් රාජපක්ෂ හිතවාදියෙක් වූ මහින්ද පතිරණ ස්වකීය එෆ.බී ගිණුමෙහි සටහනක් තබමින් නිවාස ඇමති විමල් වීරවංශ ව්‍යාජ දේශප්‍රේමී අපභ්‍රෂ්ඨ තකතිරුවෙක් බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහු පවසා සිටින්නේ මේ පෙට්ටගම්කාර චින්තනයක් සහිත භ්‍රෂ්ටයන්ගේ කෂඩ මනස නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධියේ දී මතු වූ බවය.

ඔහු වැන්නන් පමණක් එයින් යැපුණාට කම් නැති නමුත්    69 ලක්ෂයක සෞභාග්‍ය පිළිබඳ අපේක්ෂා මිලින කරන්නට මෙම සුළු පක්ෂවලට ඉඩදීම නම් ආණ්ඩුව සම්බන්ධ අවාසනාවන්ත කාරණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

විමල් වීරවංශලා අද උත්සාහ කරන්නේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන අතර ඒ ඔස්සේ නැගෙන ආර්ථික දුෂ්කරතා යොදාගෙන එම ආණ්ඩුව දේශීය වශයෙන් ද දුර්වල තැනකට තල්ලු කිරීමට බව කියන මහින්ද පතිරණ  එසේ කොට, අනාගතයේ තම දේශපාලන බල පොරය සක්‍රිය කළ හැකි දුර්වල ලංකාවක් බිහි කිරීම මේ කල්ලියේ අරමුණ බවත්, අවසානයේ මේ කල්ලිය කියනු ඇත්තේ ගෝඨාභයටත් බැරි වුනා, එහෙනම් අපට බලය දෙන්න යන කියමන බවත් මේ සකසමින් යන්නේ  පිටිය බැවින් ඒ ගැන ආණ්ඩුව බරපතල ලෙස කල්පනා කළ යුතු  බවත් කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහින්ද පතිරණ මුහුණු පොතේ සඳහන් කළ සම්පූර්ණ සටහන මෙසේය.

“ උපාය මාර්ගික ආර්ථික සංවර්ධන මාදිලියක් ඔස්සේ ජාත්‍යන්තරය ද ජයගනිමින්, රටට අහිතකර ලෙස ක්‍රියාත්මත විය හැකි විදේශ රටවල් රටේ සංවර්ධනයේ තරඟකරුවා නොව හවුල්කරුවා කර ගනිමින් මිස මේ රට ගොඩ නැගිය නොහැකි බව අකුරු සාස්තරය යම් පමණක් දැන ලංකාව ලෝක සිතියම මත තබා කියවාගත හැකි ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයක්. ලංකාවට පසුපසින් සිටි  බොහෝ නැගෙනහිර ආසියානු රටවල් ස්වකීය ආර්ථික ශක්තිය ගොඩ නගා ගත්තේ එවන් උපාය මාර්ගික ක්‍රියාදාම රැසක් අනුගමනය කරමින්. අද එම රටවල් ලෝක ආර්ථිකය සමග බද්ධ වන අතරම ආර්ථික ස්වාධීනත්වයක් ද අභිමානයක් ද ගොඩ නගාගෙන ඇත.

කෙසේ වෙතත් ලංකාවේ ඇතැමුන් සිතන්නේ ආර්ථික ස්වාධීනත්වය හා ජාතික අභිමානය ඇති වන්නේ හැකි තරම් සම්පත්වල අයිතිකාරිත්වය තමා සතු කරගෙන බවයි. එය අතිශයින් ම වැරදි හා දුර්වල සිතීමත ප්‍රතිඵලයකි. කොටින්ම එයට අපි කියන්නේ පෙට්ටගම් චින්තනයයි. එවක ලංකාවේ ප්‍රභූ ගැමියන් තම මුදල් ආයෝජනය නොකර පෙට්ටගම්වල රැස්කර තබා ගත් ගත්තේය. ඉන් නිරාමිස සතුටක් ද වින්දෝය. අවසානයේ සිදු වූයේ ලෝකය වෙළඳ සබඳතා මත ගොඩනැගූ නව ආර්ථික මාදිලියක් කරා යෑමත් සමග මෙම පෙට්ටගම්වල රැස්කර තිබූ මුදල් හා වස්තුව නොදැනීම වටිනාකම අහිමි කර ගැනීමයි. ඒවාට නව අගය එකතු නොවීමයි. ලංකාවේ ඇතැමුන්ගේ ආර්ථික මාදිලිය ද එසේය. ඒ මතට අද අවතැන් වූ ජාතිකත්ව හැඟීමක්ද එකතු වී තව තවත් තීව්‍ර වී ගොස් ඇත.

මෙම පෙට්ටගම්කාර චින්තනය පරාජය නොකර ලංකාවට ආර්ථික සෞභාග්‍යය ලඟාකර ගැනීම සිතිය නොහැකි තරම් දුරස්ය.  නැගෙනහිර ජැටිය සම්බන්ධ සංවාදයේ දී මතු වූයේ මේ දුර්වර්ණ වී ගිය කසඩ මනසයි.

එහෙත් මම ඊට පමණක් එම සංවාදය ලගු නොකරමි. එහි තවත් අංශ තිබුණේය.

විශේෂයෙන්ම විමල් වීරවංශ වැනි ව්‍යාජ දේශප්‍රේමීත්වය මත නූගත් සමාජ තීරුවක මනාප එකතු කරන සාධකයක් එහි විය. වීරවංශ වැනි අපබ්‍රෂ්ඨයින් ලෝක ආර්ථික දිසානතිය හා එහි සංවිධානය පිළිබඳ කොතරම් තකතීරු වූයේ ද කිවහොත් කොකා කෝලා හා ගූගල් වැනි ගෝලීය සමාගම් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම දක්වා එය ගමන් කළේය.

අද ද අඩුවැඩි වශයෙන් ඔහු හා ඔහුගේ ගෝලයින් නඩත්තු වන්නේ එවන් මානසික විරේක පෙති පානයෙනි.

ඔහු වැන්නන් පමණක් එයින් යැපුණාට කම් නැත. කෙසේ වෙතත්, 69 ලක්ෂයක සෞභාග්‍ය පිළිබඳ අපේක්ෂා මිලින කරන්නට මෙම සුළු පක්ෂවලට ඉඩදීම නම් ආණ්ඩුව සම්බන්ධ අවාසනාවන්ත කාරණයකි.

මොවුන් අද උත්සාහ කරන්නේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන අතර ඒ ඔස්සේ නැගෙන ආර්ථික දුෂ්කරතා යොදාගෙන එම ආණ්ඩුව දේශීය වශයෙන් ද දුර්වල තැනකට තල්ලු කිරීමයි. එසේ කොට, අනාගතයේ තම දේශපාලන බල පොරය සක්‍රිය කළ හැකි දුර්වල ලංකාවක් බිහි කිරීම මේ කල්ලිය අරමුණු කරගෙන ඇත. අවසානයේ මේ කල්ලිය කියනු ඇත්තේ ගෝඨාභයටත් බැරි වුනා, එහෙනම් අපට බලය දෙන්න යන කියමනයි. මේ සකසමින් යන්නේ ඒ පිටියයි. ආණ්ඩුව එය බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජැටියේ ප්‍රශ්නයේදී වෘත්තීය සමිතිවලට උඩගෙඩි දුන්න ඇමතිවරුන්ට නාමල්ගෙන් දොස්

Next Post

කොවිඩ් වැල යන අතට මැස්ස ගැසූ මයික්‍රොසොෆ්ට් ඊශ්‍රායල කාර්‍යාල සංකීර්ණය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.