ජාතික පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මෙන්ම දැඩි බැසිල් රාජපක්ෂ හිතවාදියෙක් වූ මහින්ද පතිරණ ස්වකීය එෆ.බී ගිණුමෙහි සටහනක් තබමින් නිවාස ඇමති විමල් වීරවංශ ව්‍යාජ දේශප්‍රේමී අපභ්‍රෂ්ඨ තකතිරුවෙක් බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු පවසා සිටින්නේ මේ පෙට්ටගම්කාර චින්තනයක් සහිත භ්‍රෂ්ටයන්ගේ කෂඩ මනස නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධියේ දී මතු වූ බවය.
ඔහු වැන්නන් පමණක් එයින් යැපුණාට කම් නැති නමුත් 69 ලක්ෂයක සෞභාග්‍ය පිළිබඳ අපේක්ෂා මිලින කරන්නට මෙම සුළු පක්ෂවලට ඉඩදීම නම් ආණ්ඩුව සම්බන්ධ අවාසනාවන්ත කාරණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
විමල් වීරවංශලා අද උත්සාහ කරන්නේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන අතර ඒ ඔස්සේ නැගෙන ආර්ථික දුෂ්කරතා යොදාගෙන එම ආණ්ඩුව දේශීය වශයෙන් ද දුර්වල තැනකට තල්ලු කිරීමට බව කියන මහින්ද පතිරණ එසේ කොට, අනාගතයේ තම දේශපාලන බල පොරය සක්‍රිය කළ හැකි දුර්වල ලංකාවක් බිහි කිරීම මේ කල්ලියේ අරමුණ බවත්, අවසානයේ මේ කල්ලිය කියනු ඇත්තේ ගෝඨාභයටත් බැරි වුනා, එහෙනම් අපට බලය දෙන්න යන කියමන බවත් මේ සකසමින් යන්නේ පිටිය බැවින් ඒ ගැන ආණ්ඩුව බරපතල ලෙස කල්පනා කළ යුතු බවත් කියයි.
මහින්ද පතිරණ මුහුණු පොතේ සඳහන් කළ සම්පූර්ණ සටහන මෙසේය.
“ උපාය මාර්ගික ආර්ථික සංවර්ධන මාදිලියක් ඔස්සේ ජාත්‍යන්තරය ද ජයගනිමින්, රටට අහිතකර ලෙස ක්‍රියාත්මත විය හැකි විදේශ රටවල් රටේ සංවර්ධනයේ තරඟකරුවා නොව හවුල්කරුවා කර ගනිමින් මිස මේ රට ගොඩ නැගිය නොහැකි බව අකුරු සාස්තරය යම් පමණක් දැන ලංකාව ලෝක සිතියම මත තබා කියවාගත හැකි ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයක්. ලංකාවට පසුපසින් සිටි බොහෝ නැගෙනහිර ආසියානු රටවල් ස්වකීය ආර්ථික ශක්තිය ගොඩ නගා ගත්තේ එවන් උපාය මාර්ගික ක්‍රියාදාම රැසක් අනුගමනය කරමින්. අද එම රටවල් ලෝක ආර්ථිකය සමග බද්ධ වන අතරම ආර්ථික ස්වාධීනත්වයක් ද අභිමානයක් ද ගොඩ නගාගෙන ඇත.
කෙසේ වෙතත් ලංකාවේ ඇතැමුන් සිතන්නේ ආර්ථික ස්වාධීනත්වය හා ජාතික අභිමානය ඇති වන්නේ හැකි තරම් සම්පත්වල අයිතිකාරිත්වය තමා සතු කරගෙන බවයි. එය අතිශයින් ම වැරදි හා දුර්වල සිතීමත ප්‍රතිඵලයකි. කොටින්ම එයට අපි කියන්නේ පෙට්ටගම් චින්තනයයි. එවක ලංකාවේ ප්‍රභූ ගැමියන් තම මුදල් ආයෝජනය නොකර පෙට්ටගම්වල රැස්කර තබා ගත් ගත්තේය. ඉන් නිරාමිස සතුටක් ද වින්දෝය. අවසානයේ සිදු වූයේ ලෝකය වෙළඳ සබඳතා මත ගොඩනැගූ නව ආර්ථික මාදිලියක් කරා යෑමත් සමග මෙම පෙට්ටගම්වල රැස්කර තිබූ මුදල් හා වස්තුව නොදැනීම වටිනාකම අහිමි කර ගැනීමයි. ඒවාට නව අගය එකතු නොවීමයි. ලංකාවේ ඇතැමුන්ගේ ආර්ථික මාදිලිය ද එසේය. ඒ මතට අද අවතැන් වූ ජාතිකත්ව හැඟීමක්ද එකතු වී තව තවත් තීව්‍ර වී ගොස් ඇත.
මෙම පෙට්ටගම්කාර චින්තනය පරාජය නොකර ලංකාවට ආර්ථික සෞභාග්‍යය ලඟාකර ගැනීම සිතිය නොහැකි තරම් දුරස්ය. නැගෙනහිර ජැටිය සම්බන්ධ සංවාදයේ දී මතු වූයේ මේ දුර්වර්ණ වී ගිය කසඩ මනසයි.
එහෙත් මම ඊට පමණක් එම සංවාදය ලගු නොකරමි. එහි තවත් අංශ තිබුණේය.
විශේෂයෙන්ම විමල් වීරවංශ වැනි ව්‍යාජ දේශප්‍රේමීත්වය මත නූගත් සමාජ තීරුවක මනාප එකතු කරන සාධකයක් එහි විය. වීරවංශ වැනි අපබ්‍රෂ්ඨයින් ලෝක ආර්ථික දිසානතිය හා එහි සංවිධානය පිළිබඳ කොතරම් තකතීරු වූයේ ද කිවහොත් කොකා කෝලා හා ගූගල් වැනි ගෝලීය සමාගම් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම දක්වා එය ගමන් කළේය.
අද ද අඩුවැඩි වශයෙන් ඔහු හා ඔහුගේ ගෝලයින් නඩත්තු වන්නේ එවන් මානසික විරේක පෙති පානයෙනි.
ඔහු වැන්නන් පමණක් එයින් යැපුණාට කම් නැත. කෙසේ වෙතත්, 69 ලක්ෂයක සෞභාග්‍ය පිළිබඳ අපේක්ෂා මිලින කරන්නට මෙම සුළු පක්ෂවලට ඉඩදීම නම් ආණ්ඩුව සම්බන්ධ අවාසනාවන්ත කාරණයකි.
මොවුන් අද උත්සාහ කරන්නේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන අතර ඒ ඔස්සේ නැගෙන ආර්ථික දුෂ්කරතා යොදාගෙන එම ආණ්ඩුව දේශීය වශයෙන් ද දුර්වල තැනකට තල්ලු කිරීමයි. එසේ කොට, අනාගතයේ තම දේශපාලන බල පොරය සක්‍රිය කළ හැකි දුර්වල ලංකාවක් බිහි කිරීම මේ කල්ලිය අරමුණු කරගෙන ඇත. අවසානයේ මේ කල්ලිය කියනු ඇත්තේ ගෝඨාභයටත් බැරි වුනා, එහෙනම් අපට බලය දෙන්න යන කියමනයි. මේ සකසමින් යන්නේ ඒ පිටියයි. ආණ්ඩුව එය බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි.