රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක වටිනාකමක් සහිත රත්තරන් කිලෝග්‍රෑම් 3.5 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 91ක් ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය ඔස්සේ නීති විරෝධී ලෙස පන්නනට ගොස් රේගුවෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (25) කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා මෙම භාණ්ඩ රැගෙන යෑමේ දී අත්අඩංගුවට පත් වී ඇති බව මන්ත්‍රීවරු පවසති.
2018 මාර්තු 07 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද “ආචාර ධර්ම පද්ධතිය” අලි සබ්රි රහීම්ගේ හැසිරීමෙන් උල්ලංඝනය වී ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
නීතිවිරෝධී ලෙස රත්‍රං සහ ජංගම දුරකථන රැගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නිදහස් කෙරුණු අතර, ඔහු තීරණාත්මක ව්‍යවස්ථාදායක ඡන්දයක් සඳහා බදාදා (24) පාර්ලිමේන්තුවට පැමිණියේය.
මීට පෙර රජයට සහය පළ කළ මන්ත්‍රීවරයා රජය ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.









