නැනෝ පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුවී ඇති බවට දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අද දින (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.
නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත්වී නැතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.09ක මුදලක් ගෙවීම ද මේ රටේ කෘෂිකර්මයට කිසිම ඵලදායී ප්‍රයෝජනයක් අත් කර නුදුන් ව්‍යසනයක් බවයි.
ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ඇමතිවරයා ඇද සහතික වුනේය.
.







