යුද හමුදාව විසින් කූඨ ලේඛන සාදා සේනාධිනායකවන ජනාධිපතිවරයා ගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කීප දෙනෙක් පෞද්ගලික කෝන්තර නිසා යුද හමුදාවෙන් ඉවත් කර ඇතැයි කියමින් යුද හමුදාවත් යුද හමුදා ක්‍රියා පටිපාටියත් දැඩි ලෙස විවේචනය කරමින් පළවූ සමාජ මාධ්‍ය වාර්තා පුද්ගලයින් කීප දෙනෙකුගේ වෛරී හැසිරීමක ප්‍රතිඵලයක් බව ශ්‍රී ංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
යුද හමුදාවේ ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලියු.එස්. ගමගේ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ඉහළ නිලයට උසස්වීම සඳහා පැවති ඇගයීම්වලින් අසමත්ව ඇති නමුත් තිස් වසරක යුද්ධයට සිදුකළ දායකත්වය පිළිබඳව කල්පනා කර සේවා දිගු කීපයක් ලබා දීමෙන් අනතුරුව ද සිය සුදුසුකම් සපුරාගත නොහැකි වුන බැවින් උසස් වීම් ලබා ගත නොහැකි බවට වූ අවබෝධය සහිත නිලධාරීන් කීප දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරමින් යුද්ධ හමුදාව හා එහි ඉහළ නිලයන් වෙත මඩ ප්‍රහාර එල්ල කරමින් තමන් රැඳී සිටි යුද හමුදාවේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීම සඳහා පෙළඹීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක් බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම නිලධාරීන් සියලු දෙනාම විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇති නමුදු ඔවුන්ගේ පෞද්ගලිකත්වය සලකා එම කරුණු අනාවරණය නොකිරීමට යුද්ධ හමුදාව තවදුරටත් කටයුතු කරන බවත්, කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සේනාධිනායකවන ජනාධිපතිතුමාට කරුණු වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
නිවේදනයෙන් යුද හමුදාව ඉල්ලා සිටින්නේ තතු නොදැන යුද හමුදාව විවේචනය කිරීම ජාතික ආරක්ෂාවට සබැඳිව කටයුතු කරන ආයතනයකට අහිතකර ලෙස බලපාන බැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක හමුදාවක් නිර්මාණය කර ගැනීම සඳහා ගනු ලබන පරිපාලන තීරණ වැරදි ලෙස සමාජගත නොකරන ලෙසය.
අදාල නිවේදනය පහත දැක්වේ.










