කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර ඇත.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මෙලෙස පත්කර ඇත.
කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ සිවිල් අභියාචන මහධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා රත්නපුර මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සහන් මාපා බණ්ඩාර, ලංකා ජයරත්නත්, ඉන්දිකා කාලිංගවංශත් පත්කර ඇත.
මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් අංක දෙක අධිකරණයෙ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇත. ( මනෝප්රිය ගුණසේකර – ලංකාදීප )







