සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ රැකියා ක්ෂේත්‍රය ඉක්මනින් ඩිජිටල් කරන්න – විදේශ රැකියා නියෝජිතයෝ ඇමති මනූෂගෙන් ඉල්ලති!

by Lankasara News
පෙබරවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ රටවල සිටිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදෙන විදේශීය රැකියා නියෝජිත ආයතනවල කටයුතු වඩාත් විධිමත් සහ පහසු කරගැනීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වඩාත් වේගවත් කරන ලෙස එමිරේට්ස්හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයින්ගේ සංවිධානය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටී.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරවූ අමාත්‍යවරයා හමුවූ එමිරේට්ස්හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයින්ගේ සංවිධානයේ සම සභාපති සම්පත් කුමාරසිංහ මෙම ඉල්ලීම කළේය.

විදේශ රටවල සිටින රැකියා නියෝජිත ආයතන ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා සැම විටම කැපවී කටයුතු කරන බව ඔහු පැවසුවේය. මේ නිසා විදේශීය රැකියා නියෝජිත ආයතනවල කටයුතු වඩාත් වේගවත් සහ පහසු කිරීම සදහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් අපේක්ෂා කරන බවද ඔහු කීවේය.

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටි සම්පත් කුමාරසිංහ මහතා මෙසේද කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විදේශ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින නියෝජිතයින් වන අප, රැකියා ඇණවුම් ලබාදීමේ කටයුතු වඩාත් විධිමත් කිරීම ගැන ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමට කැමැතියි . දැනට රැකියා ඇණවුමක් ලංකාවට ලබාදීමේදී නොයෙක් ගැටලු පවතින අතර තානාපති කාර්යාලයට සෘජුව පැමිණ රැකියා ඇණවුම් ලබාදීමට සිදුව තිබෙනවා. තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර සිය දහස් ගණනක් ඈත සිටින අයට පවා තානාපති කාර්යාලයට පැමිණීමට සිදුවීමත්, අවස්ථා කිහිපයක් එසේ පැමිණීමට සිදුවීමත් අපේ කාලයත්, පිරිවැයත් අපතේ යැවීමකි.

ඒ අතරම විදේශ රටවලට එවනු ලබන ඉතාමත් සුළු ශ්‍රමිකයින් පිරිසක්, රැකියා නියෝජිත ආයතනවලට කරනු ලබන නොයෙක් ආකාරයේ වංචා සහගත කටයුතු අප ව්‍යාපාරය වෘත්තීය වශයෙන් පවත්වාගෙන යාමට සෘණාත්මකව බලපා තිබෙනවා. රැකියා ඇණවුමක් ලබාදීමේ සිට ශ්‍රමිකයෙක් විදේශ රටකට ගෙන්වා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය නව තාක්ෂණය සමග එක් කර මෙම ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බවට ඔබතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්ථාවලදී ප්‍රකාශ කර තිබෙන අයුරු අපගේ නිරීක්ෂණයටත්, එය අපගේ අගයකිරීමටත් ලක්වුණා.

මෙම ක්ෂේත්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරිමට හැකි නම් එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වාර්තාවන අක්‍රමිකතා වලක්වා ගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් වඩාත් වෘත්තීය භාවයකින් යුතුව මෙම ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. එසේම රැකියාවක් සදහා පැමිණෙන ශ්‍රමිකයාගේ සුරක්ෂිතභාවයද තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා”

මෙයට ප්‍රතිචාර දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ මෙම ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් නැතිව හදන මෙගවොට් 2600ක විදුලිය දෙන්න ලෑස්තියි! ඒත් ගන්න ලෑස්ති නෑ…

Next Post

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.