සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් නැතිව හදන මෙගවොට් 2600ක විදුලිය දෙන්න ලෑස්තියි! ඒත් ගන්න ලෑස්ති නෑ…

සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු අසංක තෙන්නකෝන්...

by editor
පෙබරවාරි 11, 2023
in පුවත්
Solar-
Share on FacebookShare on Twitter

අර්බුද මැද සිටින ශ්‍රි ලංකාව මේ මොහොතේ වැඩියෙන්ම කතා කරන අර්බුදය බලශක්ති අර්බුදයයි. උසස් පෙළ විභාගය ලියන ජාතියේ අනාගතයට ආලෝකය දෙන්නට තරම් හැකියාවක් නැති රාජ්‍යයක ජීවත් වන අප  අභියසක එලිපොදක බලාපොරොත්තුවක්    නැතත් ඉදිරියේදී විදුලිය වෙනුවෙන් තවත් අධික මිලක් ගෙවන්නට මේ වනවිට යෝජනා වී තිබේ. මෙ විදුලිය ගාස්තු වැඩි වීම සහ රටේ පවතින විදුලි අර්බුදය පිළිබඳව කරන සංවාද මාලාවක පළමුවැන්න ලෙස ලංකාසර ශ්‍රි ලංකා සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභපති මෙන්ම ෆස්ට් එනර්ජි එස්එල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු අසංක තෙන්නකෝන් හමුවීමු.අප ඉදිරිපත්  කළ කෙටි ප්‍රශ්න කිහිපයක් හමුවේ ඔහු දුන් පිළිතුර විමසා බලමු.

 

ශ්‍රි ලංකා සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභපති ඉංජිනේරු අසංක තෙන්නකෝන්

ලංකාසර – අද ලෝකයම විදුලිය ගැන කතා කරද්දී මුලට ගෙනෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන අවධානයට. කොහොමද ලංකාවේ තත්ත්වය?

පිළිතුර – ලෝකයේ දියුණු ජාතීන් වගේම දියුණු වෙන ජාතීනුත් දැන් වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ ඛනිජ තෙල් ගල් අඟුරු හෝ න්‍යෂ්ටික ශක්තියට වඩා සූර්ය බලය, සුළං ජල විදුලිය ඇතුළු පුනර්ජනනීය විදුලිය බලශක්තිය ගැන. ශ්‍රි ලංකාවේත් කතා කරනවා. වැඩත් කරනවා. නමුත් ඉතාමත් අසංවිධානාත්මකව, දැක්මක් නැතිවයි කටයුතු සිදුවන්නේ.

දීර්ඝ කාලීන ව බැලුවාම රටට ආර්ථික වශයෙන් වගේම පාරිසරික වශයෙනුත් හිතකර මේ පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන සැලසුම් වගේම ප්‍රතිපත්තිවල පවතින්නේ අසමතුලිත බවක්. මේ නිසා මේ වනවිට එම ක්ෂේත්‍රෙය් අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙනවා.

ලංකාසර – අද මොනවද ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්න?

පිළිතුර – අපි කවුරුත් දන්නවා ලංකා විදුලි බල මණ්ඩලය මේ දවස්වල ඉන්නේ දැඩි ආර්ථික දුෂ්කරතාවක. ඒ තත්ත්වය මත මාස 13ක් තිස්සේ ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය විදුලිය නිෂ්පාදකයන්ට සිය විදුලිය ජාතික පද්ධතියට ලබා දීම වෙනුවෙන් මණ්ඩලය ගෙවිය යුතු බිලියන 40ක මුදලක් ලබා දී නෑ. මෙයින් කර්මාන්තකරුවන් පත්වෙන අසීරුතාව තේරුම් ගන්න. මේ බොහෝ කර්මාන්තකරුවන් කෝටි ගණන් බැංකුවලට ණයවෙලා බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනය කරන්නේ. ඔවුන්ගේ පොලී අනුපාතික බැංකුවලින් වැඩි කරල. නඩත්තුවලට යන වියදම් වැඩිවෙලා. මෙ හේතුව නිසා වෙනත් රටවල ලාබදායී ව්‍යාපාරයක් වන පුනර්ජනනීය විදුලිය ජනන අංශය මේ වනවිට අතහරින මට්ටමට ගිහින්.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සූර්ය බලශකතිය, ජල විදුලිය වගේම සුළං දැව ඉන්ධන මගින් විදුලිය ජනනය වැනි විවිධ අංශවල සිටින කර්මාන්තකරුවන්ට මෙය දරුනු ලෙස බලපා තිබෙනවා.

අනෙක් කරුණ තමයි මේ වනවිට රජය ඉදිරියෙදී ඉදිකිරීම සඳහා පුනර්ජජනීය විදුලි ව්‍යාපෘති සඳහා ටෙන්ඩර පිරිනමා තිබෙනවා. මේ ටෙන්ඩර පිරිනැමුවේ රටේ ආර්ථික අර්බුදය එන්නට කලින්. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය කඩා වැටීම නිසා මේ වනවිට සෑම භාණ්ඩයකම මිල සියයට 400කින් පමණ ඉහළ ගිහින්. ඒ අනුව වියදමත් ඒ විදිහට ඉහළ ගිහින්. ඉතින් මේ ටෙන්ඩරවලින් එකඟ වූ මුදලට මෙම විදුලිය ලබා දෙන්න හැකියාවක් නෑ.. නමුත් තවමත් රජය මේ සඳහා නිසි විසඳුමක් ලබා දී නැති නිසා අපට පහසුවෙන් ගන්න තිබෙන සූර්ය බලය පවා හැකි ඉක්මනින් ලබාගෙන ජාතික පද්ධතියට එක් කිරීමේ නොහැකියාව  නිර්මාණය වී තිබෙනවා.

ලංකාසර – ඉතින් මේවා ඉක්මනින් කතා කර අවසන් කරගත යුතු ප්‍රශ්න නේ? බලධාරීන් සමඟ කතා කළේ නැද්ද?

පිළිතුර –  අප කිහි වතාවක් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධනාය යොමු කර තිබෙනවා. ඇත්තටම ඇතැම් ටෙන්ඩර ප්‍රදානයේදී ඇති කරගෙන තිබෙන එකඟතාවන් මත පවා මේ සංශෝධන කර ගත හැකි මට්ටමක් පවතනිවා. නමුත් විදුලි බල මණ්ඩලයේ වගේම විදුබලි බල සහ බලශකති අමාත්‍යංශයේ නිලධාරීන් මේ කටයුතු ප්‍රායෝගිකව සිදු වන තත්තවයට පත් කිරීමට උත්සාහ ගන්නේ නෑ. කොහොම නමුත් වර්තමානයේ විදුලි බල මණ්ඩලයේ අලුතින් පත්වුණු සාමාන්‍යාධිකාරීතුමා පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් පෙර සිටි අයට වඩා උනනදුවක් දක්වන බවක් පෙනෙනවා.

ලංකාසර – ශ්‍රි ලංකාවේ ඉදිරි කාලයේ පුනර්ජනනීය විදුලිය උත්පාදන ව්‍යාපෘතිවලින් කොපමණ ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – ඉදිරි වසර තුන සඳහා සූර්ය, කුඩා ජල විුලිය, සුළං දැව ඉන්ධන ඇතුළු පුනර්ජනනීය ව්‍යාපෘතිවලින් මෙගවොට් 2600ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. එතැන සූර්ය බල මෙගවොට් 300ක ධාරිතාවක් තිබෙනවා. මේ සැලසුම් විදුලි ල මණ්ඩලයේ නව සාමනායාධිකාරීවරයා ද පිළිගෙන එකඟවී ඊට සහය පළ කිරීමට කැමත්ත පළ කර තිබෙනවා.නමුත් අමාත්‍යංශ මට්ටමින් මේ වයාපෘතිය ප්‍රායෝගික ත්තතවයට පත් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පියවර තවමත් අරගෙන නෑ.

ලංකාසර – අද පවතින ඉන්ධන සහ ගල් අඟුරු ගෙන්වීමේ අර්බුදය හමුවේ පෞද්ගලික ආයෝජකයන්ට විදුලිය නිපදවීම සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කර දී තිබෙනවාද?

පිළිතුර – පැහැදිළිවම එවැනි දැක්මකින් රට කටයුතු කරන්නේ නෑ. මෙයට අදාළ තීන්දු තීරණ ගන්නා අය ට එවැනි අවශ්‍යතාවක් නෑ. උදාහරණයක් කිව්වොත් බිම සවි කරන සූර්ය බල ව්‍යාපෘතියක් ගත්තොත් කරන ආයෝජනයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතිව වසර 20ක් අඛණ්ඩව විදුලිය ලබා ගත හැකියි. වෙනත් ලොකු වියදමක් යන්නේ නෑ. නමුත් අද පවතින ආර්ථික තත්ත්වය, බැංකු පොලී අනුපාත සියල්ල සමඟ නිශ්චිත මිලක් මෙමගින් ලබා ගන්නා විදුලිය ඒකකයට ලැබිය යුතුයි. නමුත් අද ඊට අදාලව ගෙවන මුදල ප්‍රමාණවත් නෑ.

පවතින තත්වය බැලුවාම සාමාන්‍යෙයන් මෙම ඒකකයක් රුපියල් 40කට වඩා මිල වෙනවා. එහෙත් අමාතයංශය ඊට අදාල තීන්දු තීරණ අරගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක බවට පත් කරන තැනට එන්නේනෑ. ඒ තීරණ ඉක්මනින් ගත්තොත් මෙගවොට් 2600ක් වසර තුනක් හතරක් ඇතුළත් අපට ලැබෙනවා. ඩොලර් මත යැපෙන්නනේ නැතිව විදුලිය නිපදවිය හැකි ව්‍යාපෘති සැලසුම් හදාගෙන අපි බලාගෙන ඉන්නවා.

ලංකාසර – අද අප ඉන්නේ ලොකු අර්බුදයක . එක් පැත්තකින් විදුලිය කැපීම අනෙක් පැත්තෙන් විදුලිය බිල වැඩි වීම මේ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – මේ ප්‍රශ්නවලට සරල පිළියම් තිබෙනවා. අපේ විදුලිය පරිභෝජනය රටාව සහ මේ රටේ කර්මාන්ත ආයෝජන සඳහා බලශක්තිය භාවිත කිරීම ඒ සඳහා අය කිරීම් ක්‍රමවේදය පිළිබඳව තාර්කික ප්‍රතිපත්තියක් නෑ. එහි මිල කිරීම් ක්‍රමවේදයේ බරපතල අවුලක් තිබෙනවා.

පසුගිය වසර 10ක පමණ කාලය තුළ ලෝකයේ සියලුම දේ මිල වැඩවෙද්දී අපේ රටේ ආර්ථිකයට සාපේෂව විදුලිය මිල වැඩි වුනේ නෑ. ඒ වෙනුවට 2013 වැඩි කළ විදුලිය 2014 අඩු කළා. එය කිසිදු විද්‍යාත්මක තාර්කික පදනමක් නැති ජනප්‍රිය දේශපාලන තීරණයක්. මේ තීරණය හේතුවෙන් සිදුවුණේ විදුලිය බල මණ්ඩලය දැවැන්ත පාඩු ලබන තත්ත්වයකට තල්ලු වීම. ලොකු පොලු කාරයෙක් වීම.

අනෙක අප අනුගමනය කරන ප්‍රතිපත්තිත් මේකට බලපෑවා.මම එක් උදාහරණයක් කියන්නම්. ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් එක්ක ඉන්න අපේ තඹ කර්මාන්ත ශාලා කිහිපයක් ඇති වුනා. මේ කර්මාන්ත ශාලාවල කෙරෙන්නේ අබලි තඹ භාණ්ඩ ගෙනත් උණු කර ආපසු ඉන්දියාවට අපනයනය කිරීම. මේ ක්‍රියාවලියේදී ඔවුනට බදු සහන ලැබෙනවා විතරක් නෙවෙයි, ඉතා අඩු මිලට විදුලියත් ලැබෙනවා. කියනකොට කියන්නේ සෘජු විදෙශ ආයෝජන ගේනවා කියලා. නමුත් ඔවුන්ගේ ආයෝජනවලින් සියයට 80කට වඩා යන්නෙ ඉන්දියාවටමයි. ඒකේ වැරැද්ද ඔවුන්ගේ නෙවෙයි. අපේ ප්‍රතිපත්තිවල.

ඔවුන් ගෙන්වන තඹ උණු කිරීමට අති විශාල විදුලිය බලයක් වැය වනවා. ඔවුන්ට ඒ විදුලිය ලබා දෙන්නේ අපේ රටේ ජාතික විදුලිය බල පද්ධතියෙන්. ඒ සඳහා අපි විදුලිය ඒකකයක් හැදීමට   වැය කරන වියදමට සාපෙක්ෂව අඩු මිලකට තමයි ඔවුන්ට එය ලබා දෙන්නේ. එය රටක් ලෙස අපට පාඩුයි.   දැන් ඔවුන්ට අවශය විදුලි ය ලබා දීමට මෙගවොට් 5ක පමණ ධාරිතාවකින් යුතු සූර්ය බල පද්ධතියක් ජාතික පද්ධතියෙන් බාහිරව ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා ඔවන්ට බදු සහන ලබා දී පහසුකම් සැපයුවහොත් එයින් අපේ විදුලිය සැලකිය යුතු ප්‍රමානයක් ඉතිරි වෙනවා. කර්මාන්ත කරුවාටත් වසර 20ක් පමණ යනතෙක් කිසිදු පුශ්නයක් නැතිව තමන් කළ ආයෝනය ට සාපේක්ෂව ප්‍රතිලාභ ලැබිය හැකියි.

නමුත් අපි රටක් ලෙස එච්චර දුර හිතල තීරණ ගන්නේ නෑ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිරේ විලංගුවේ නොවැටී බලපත්‍ර නොමැති ගිනි අවි භාර දෙන්නට සහන කාලයක්…

Next Post

විදේශ රැකියා ක්ෂේත්‍රය ඉක්මනින් ඩිජිටල් කරන්න – විදේශ රැකියා නියෝජිතයෝ ඇමති මනූෂගෙන් ඉල්ලති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.