විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට ඇති වී තිබෙන අධික ඉල්ලුම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවට දරාගත නොහැකි බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
අද උදෑසන විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වන එක්දින සේවාවේ සේවය ලබා ලබාගැනීම සඳහා පැමිණ සිටි පිරිස රැඳී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගින් වැඩි වූ බව වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකසා ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට එක් දින සේවාවෙන් විදෙස් ගමන් බලපත්‍ර 1500ක උපරිමයක් දක්වා නිකුත් කළ හැකි ආකාරයෙන් බවත් මේ වන විට මතුවී ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම ධාරිතාව 3200 – 3300 ඉක්මවා ක්‍රියාත්මක වන බවත් දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග හෙළි කරයි.
මේ පසුබිම තුළ අද වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සේවා මුර දෙකක් හරහා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව එම අංශය රාත්‍රී 11 පමණ වනතුරු සතියේ දින පහ පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.
දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මේ වන විට සිය දෙපාර්තමේන්තුව සතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ යන්ත්‍ර සැලසුම් කර ඇත්තේ දිනකට ගමන් බලපත් 1500ක් පමණ උපරිම වශයෙන් මුද්‍රණය කිරීමට හැකිවන අයුරින් බැවින් මෙලෙස ඉල්ලුමට අවශ්‍ය සැපයුම් ලබා දීම සඳහා අධි ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම මුලු පද්ධතියම බිඳ වැටීමේ අවදානමකට ලක් කරන බවය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය නවීකරණය කිරීම සඳහා අවස්ථා ගණනාවකද දී සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සඳහා රජයේ සහ අදාළ බලධාරීන්ගේ අනුමැතිය හිමි නොවූ බව එම නිලධාරියා පෙන්වා දි තිබිණි.