ත්‍රිවිධ හමුදාවට බැඳී ජාතියට සේවය කිරීමේ කැමැත්තෙන් සිටින තරුණ තරුණියන් සඳහා ‘අග්නිපත්’ යෝජනා ක්‍රමය පසුගියදා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ එක්ව දියත් කරන ලදී.
මෙම යෝජනා ක්‍රමය මඟින් තරුණයින්ට වසර හතරක් වැනි කෙටි කාලයක් සඳහා යුධ හමුදාවේ සේවය කළ හැකි අතර සේවයට සම්බන්ධ වෙන තරුණයින් ‘අග්නිවීර්’ ලෙස හැඳින්වේ. මේ වසරේ අග්නිවීර් වරුන් 46 000ක් හමුදාවට බඳවා ගැනීමට නියමිතය.
තරුණ තරුණියන්ට කඳුවල සිට කාන්තාර දක්වාත්. පොළවේ, මුහුදේ හෝ අහසේ සේවය කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා සේම ඔවුන්ගේ විනය, දක්ෂතාවයන්, ශාරීරක යෝග්‍යතාවය හා සමාජයට අත්‍යාවශ්‍ය ආචාර ධර්ම ගොඩ නැංවෙනු ඇත.
අවුරුදු 17 මාස 5 සිට අවුරුදු 21 දක්වා වයස් කාණ්ඩයේ සිටින තරුණ තරුණියන්ට අග්නිපත් යෝජනා ක්‍රමය හා සම්බන්ධව අග්නිවීර්වරුන් විය හැකි බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.