ශ්‍රියානි විජේසිංහ –
විදුලි බිල සියයට 22.5න් අඩු වීමේ වාසිය අද මධ්‍යම රාත්‍රියේ සිට කෙටි අහාරපාන වලට ලබා දීමට ආපන හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කරයි.
මේ අනුව බත් සහ කොත්තු රුපියල් 25න්ද, කෙටි ආහාරවර්ග රුපියල් 10න්ද ප්ලේටියක් රුපියල් 5න්ද අඩු කිරිම කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිටියි.
මෙම වාසිය පාරිභෝගියින්ට වහාම ලබා දීමට සියලුම ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බව ද හෙතෙම කියයි.
විදුලි බිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේද යන්න පිලිබඳව සොයා බැලීමට වගකිව යුතු පුද්ගලයෙකු නොමැති බැවින් එම වාසිය සාධාරණ නීති පනවා හෝ ලබා දීමට කටයුතු කළ යුතු බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රංජිත් විතානගේ කියයි.
සහනාධාර කොතෙක් ලබා දුන්නද එම වාසිට පාරිභෝගිකයින්ට ලබා නොදෙන බවද බේකරි නිෂ්පාදනයන්ගේ මිල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.







