විදුලි සැර වැදීමෙන් අවුරුද්දයි මාස හයක් වූ පිරිමි දරුවෙකු මියගොස් ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම දරුවා නිවසේ බිත්තියක සවිකර තිබූ විදුලි පේනුවකට ඇඟිල්ල ගැසීම හේතුවෙන් මෙලෙස විදුලි සැර වැදී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
ඉදිරි විමර්ශන කටයුතු කුරුවිට පොලිසිය විසින් සිදු කරයි.







