හෙට දින පොල්දූව පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වීමට සූදානම් කර තිබූ විදුලි පනතට එරෙහි විදුලි සේවක උද්ඝෝෂණයට විරුද්ධව වැලිකඩ පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්ට සහ ලංකා විදුලි සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයින් හා වෙනත් තැනැත්තන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන ඇති අධිකරණ නියෝගයට අනුව පොල්දූව වටරවුම ආශ්‍රිතව මහ ජනතාවට සහ පදිකයින්ට අවහිර බාධාවන සේ කිසිම ක්‍රියාකාරකමක් කළ නොහැකි බව පොලිසිය දන්වා සිටී.
තවද මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන සේ හා රාජකාරියේ යෙදෙන කිසිම රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරිකට බාධා වන ආකාරයෙන් උද්ඝෝෂණයේ යෙදීම තහනම්ය.
උද්ඝෝෂණයේ යෙදෙද්දී කිසිම පුද්ගලයෙකුට බාධා නොවිය යුතුය. කිසිම අවස්ථාවක මාර්ගය අවහිර කර පෙළපාළි කිරීම තහනම්ය.
මේ ආඥාව කඩ කළහොත් සාමය රකිනුවස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු යැයි අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක්වේ.