බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැක්මක් නැද්ද?… ප්‍රතිපත්තියක් නැද්ද?… නැතිනම්  බය ද? නිවටයො විදිහට විවාද මගඅරින්න එපා… සජිත් ජාතික ජන බලවේගයට කියයි!

ආර්ථික කවුන්සිල අතර විවාදයත් අවශ්‍යයයි... නායකයින් අතර විවාදයත් අවශ්‍යයි... ආර්ථික කවුන්සිල අතර විවාදය මග හරින්නෙ ඇයි... දෙකම මැයි මාසය තුළ තියමු... සජිත් පවසයි.

by editor
අප්‍රේල් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නිවටයින් සේ විවාදයෙන් පැන නොයන්න යැයි සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයට අද පැවසුවේය. ඔහු කීවේ ඔවුන් විසින් යෝජනා කළ ආර්ථික කවුන්සිල දෙකේ විවාදය මගහැර යෑමට ජාතික ජන බලවේගය සූදානම්වන බවත් ආර්ථික කවුන්සිල අතර විවාදය මග හැර යන්නේ දැනුමක්, දැක්මක්, දර්ශනයක් නොමැති නිසාදැයි අසන සජිත් ප්‍රේමදාස නිවට නොවී කශේරුකාවක් ඇතිව හැසිරෙන ලෙස ජාතික ජන බලවේගයට පවසයි.

ඔහු පවසන්නේ ආර්ථික කවුන්සිල අතර විවාදය සහ නායකයන් අතර විවාදය මැයි මාසයේම පැවැත්විය යුතු බවය. සමගි ජන බලවේගය පාර්ශවයෙන් විවාදය සම්බන්ධීකරණය කරන  නලීන් බණ්ඩාර කියන්නේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ දින ඒකපාර්ශවික දින බවත් ඒ දිනවල විවාදයට පැමිණීමට සජිත් ප්‍රේමදාසට නොහැකි බවත්ය.

සජිත් ප්‍රේමදාස ඒ දිනවල බරපතල වැඩ ගණනාවක යෙදෙන බව ද ඔහු පැවසුවේය.

අද (23) වීරකැටිය, ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවාදය පිළිබඳ මෙසේ පැවසුවේය.

“අපේ පක්ෂයේ නලීන් බණ්ඩාර මැතිතුමා ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධ විවාදයකට එන්න කියලා සහෝදරයො කණ්ඩායමකට අභියෝගක කළා. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“දැන් ඒ සහෝදරයො කණ්ඩායම ආර්ථික විශේෂඥවරුන්ගේ කණ්ඩායමේ විවාදයෙන් පැන ගොස් ඒ අය කියනවා නායකයො අතර විවාදයක් කරමු කියලා. මට ආරංචියි එහෙම කියලා දිනත් එවලලු.”

“මම කියන්න කැමතියි මැයි මාසය තුළ ඔය දෙකම කරන්න අපි සූදානම්.  හැබැයි මේවයින් පැන යන්න එපා. නිවටයෝ වෙන්න එපා. කොන්දක් නැති කශේරුකාවක් නැති පුද්ගලයො බවට පත් වෙන්න එපා. අභියෝග දෙකම භාරගන්න. නායකයො අතර විවාදයයි, ආර්ථික කණ්ඩායම් අතර විවාදයයි දෙකම පවත්වමු.”

“දෙකටම අපි සූදානම් මැයි මාසය තුළ. ඇයි ආර්ථික කණ්ඩායම් අතර වාද විවාද පවත්වන්න බය ද.  බැරිද. දැනුමක් නැද්ද. දැක්මක් නැද්ද.  දර්ශනයක් නැද්ද. “

“ඒ නිසා ලිපි හරඹවල නියැලෙන්නේ නැතිව මැයි මාසය තුළ දෙකටම එකඟ වෙන්න. අපි සූදානම් දෙකම කරන්න. “

සමගි ජන බලවේගය පාර්ශවයෙන් විවාදය සම්බන්ධීකරණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විවාදය සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ ජාතික ජන බලවේගය විසින් ලබා දුන් ඒක පාර්ශවික දින වලින් එකකවත් විවාදය සඳහා සූදානම් වීමට සජිත් ප්‍රේමදාසට නොහැකි බවය. එහෙත් විවාද දෙකම මැයි මාසයේ පැවැත්වෙන බවය.

නලීන් බණ්ඩාර මෙසේ කීවේය.

“ඔවුන් විසින් ඒකපාර්ශිකව සඳහන් කරන ලද ලිපි කීපයක් තියනවා මැයි මාසයෙ නායකයින් දෙදෙනාගේ විවාදය සඳහා. නමුත් එහි කිසිම සඳහනක් කරලා නෑ ආර්ථික කමිටුවල විවාදය සම්බන්ධව. ඒකට ප්‍රශ්නයක් නෑ,  එළඹෙන පාර්ලිමේන්තු දවස්වලින් හෙටත් ඇරලා 25 සහ 26 දවස්වලින් එකක  නලින්ද ජයතිස්ස මහත්තයත් එක්ක පාර්ලිමේන්තුව තුල එකඟවන තැනක  ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ ඩයරිය එක පාර හදන්න සූදානම්.”

“මොකද අපට නායකයො දෙන්නගේ විවාදය වගේම ආර්ථික කමිටු දෙකේ විවාදයත් පවත්වන්න ඕන. කොයිකද ඉස්සරලා, කොයිකද පස්සේ කියලා අපට කතා කරලා විසඳා ගන්න පුලුවන්. අපි ඒ දෙකටම ඔට්ටුයි.”

“ඒ නිසා අපි අද ලිඛිතව ඔවුන්ට  සඳහන් කරලා දෙනවා මැයි මාසයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අපේ ආර්ථික කමිටුව විවාදය සඳහා සූදානම් කියන කාරණය.”

“ප්‍රධාන දේ තමයි අපි එකඟවෙන්න ඕන මේ විවාද දෙකම පවත්වනවා කියලා. “

“ඔවුන් යෙදූ දින හතර තුළ කිසිසේත්ම පුලුවන් කමක්  නෑ සජිත් ප්‍රේමදාස මැතිතුමාට විවාදයට එක් වන්න. එතුමා විසින් යොදාගත්ත වැඩ රාශියක් තියනවා. ඒක පාර්ශවිකව දින දුන්නට හරියන්නෙ නෑ. “ නලීන් බණ්ඩාර කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි පනතට එරෙහි විදුලි සේවක උද්ඝෝෂණයට එරෙහිව කොළඹ මහාධිකරණය නියෝගයක් දෙයි…

Next Post

ලෝක අවධානය ලංකාව වෙත හරවමින් හෙට කොළඹ එන ඉරාන ජනපති…   

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.